වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
බ්‍රසීල හා පේරු දේශසීමාව ආසන්න අද (24) රික්ටර් මාපකාංක 7.1 ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් හටගත් බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.
බ්‍රසීලයට නැගෙනහිරට වන පිහිටි පේරු දේශසීමාවේ භූ කම්පනය හටගත් බවත් එහි ගැඹුර කිලෝමීටර 609ක් ලෙස සටහන් වූ බවත් එම ආයතනය සඳහන් කළේය.
“මෙතෙක් කිසිදු හානියක් සිදු වූ බවක් තුවාල ලැබූ පිරිස් පිළිබඳ වාර්තා වී නැහැ. එහෙත් අපි නිරීක්ෂණ සහ මෙහෙයුම් කටයුතු දිගින් දිගටම කරනවා” යැයි පේරු රාජ්‍යයේ සිවිල් ආරක්ෂාව සඳහා වූ ජාතික ආයතනය පැවැසීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd