ගිණිකොනදිග බ්‍රසීලයේ පාසල් දෙකකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ.
වෙඩි තැබීම් සිදුවූයේ එස්පිරිත්තෝ සැන්ටෝ ප්‍රාන්තයේ අරාකෲස් නගරයේ එකිනෙකට ආසන්නයේ පිහිටි පාසල් දෙකකය. මියගිය තිදෙනා අතර යෞවුන් සිසුවියක ද සිටින බව පැවැසෙයි. තුවාල ලැබූ 11 දෙනාගෙන් වැඩි දෙනා ද පාසල් සිසු දරුදැරියක් බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පලා ගිය බවත් ඉතා වෙහෙසකර පොලිසි මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම සිදුවෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රසීල පාසලක වෙඩි තැබීමක්