ගිණිකොනදිග බ්‍රසීලයේ පාසල් දෙකකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ.
වෙඩි තැබීම් සිදුවූයේ එස්පිරිත්තෝ සැන්ටෝ ප්‍රාන්තයේ අරාකෲස් නගරයේ එකිනෙකට ආසන්නයේ පිහිටි පාසල් දෙකකය. මියගිය තිදෙනා අතර යෞවුන් සිසුවියක ද සිටින බව පැවැසෙයි. තුවාල ලැබූ 11 දෙනාගෙන් වැඩි දෙනා ද පාසල් සිසු දරුදැරියක් බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පලා ගිය බවත් ඉතා වෙහෙසකර පොලිසි මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම සිදුවෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd