ව්‍යාජ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව චෝදනා ලැබූ බ්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් ජනපති තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝශාභියෝගයට සෙනේට් සභිකයන් 61දෙනකු පක්ෂව ඡන්දය දී ඇති අතර 20දෙනකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ තීරණයත් සමඟ බ්‍රසීලයේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස වසර 13ක් සේවය කළ ඇයගේ සේවා කාලය නිමාවට පත්වෙයි. ඇයට එරෙහිව ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඩිල්මා මෙය විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව පවසා ඇත.
බ්‍රසීලයේ නව ජනපති ලෙස උප ජනාධිපතිව සිටි මිචෙල් ටෙමර් දිව්රුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් ඕනෙම කුණුගොඩක් අය වැයට දාලා සම්මත කරගන්නවා. එකට විරුද්ධව මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කලාම ටිකක් වෙනස් කරලා කියනවාෙ"අපි ජනමතයට ගරුකරනව" කියලා. මේ විදියට බැලුවොත් අපේ මුළු පාර්ලිමේන්තුවම ගෙදර යවන්න ඕනේ. (හේ)
වැරදි කළොත් දඬුවම් විඳින්න වෙනවාමයි. අපේ රටේ අයටත් මේවා හොඳ පාඩම් (නි)
ඒ රටවල් එහෙම තීරණ ගත්තට මෙහෙ එහෙම වෙන්නේ නැහැ.ඒ නිසා ඕවා කරන්න බය නැහැ අපේ උදවිය. (නි)
අපේ රටේ කරන්නේ ගියපාර වගේ අයවැය යෝජනා වැරදි නම් අලුත් ගැසට් එකකින් ආයෙත් අලුත් යෝජනා ඉදිරිපත් කරන එකනේ. එහෙම නැත්නම් තවත් අයවැය යෝජනාවක් ගෙනෙන එක. එතකොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් අවශ්‍ය නැහැනේ. (නි)
ලංකාවෙත් මෙහෙම වෙනවා නම් කොච්චර හොඳද? (නි)
බ්‍රසීලේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ බ්‍රසීලේ ජනපතිනිය ලංකාවට අවේ නැති එකේ වැරැද්ද. ආව නම් ඉගෙනගන්න තිබුන මොන චෝදනා ආවත් බලයේ ඉන්න හැටි (බ)