බ්‍රසීලයේ ජනපතිනි දිල්මා රුසේෆ්ට එරෙහිව එරට සෙනෙට් සභාව දෝෂාභියෝගයක් සම්මත කර තිබේ.
එම යෝජනාවට පක්ෂව 55දෙනෙකු තම මනාපය ලබා දුන් අතර විපක්ෂව ලැබුනේ මනාප 22ක් පමණි.
මෙම යෝජනාව සම්මත වීමත් සමග එරට ජනාධිපතිනියගේ ධුරය අහෝසි වනු ඇත.
එරට ජනපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වන ඇය වාමාංශික දේශපාලන නායිකාවක් වන්නීය. 2014 ජනපතිවරණයේදී තමාට වාසි වන අයුරින් රජයේ ගිණුම් වෙනස් කිරීම ඇයට විරුද්ධව ඇති චෝදනාවයි.
දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේ එය නිෂ්ප්‍රභා කිරීමට අධිකරණ නියෝග ගෙන ඒමට උත්සහ කළ නමුත් ඒ සියල්ල අසාර්ථක වී ඇත.
ජනපතිනිය කියනුයේ කුමන්ත්‍රණයක් බවයි. එමෙන්ම කුමන්ත්‍රණයට විරුද්ධව එක්වන ලෙස එරට රටවැසියන්ගෙන් ඇය ඉල්ලා සිටින්නීය.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක්
රජින්ද Thursday, 12 May 2016 04:29 PM
ළඟදීම දකුණු ආසියාවේ රටකත් මීට සමාන දෙයක් වෙන්න යනවා කියා සිතෙනවා (නි)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 12 May 2016 05:25 PM
මේවා ඇමරිකානු සහ බටහිර යුරෝපයේ අවශ්‍යතා අනුව සිදුවන්නක්. (නි)
චානක Friday, 13 May 2016 01:22 AM
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)