බ්‍රසීලයේ ජනපතිනි   දිල්මා රුසේෆ්ට එරෙහිව එරට සෙනෙට් සභාව   දෝෂාභියෝගයක් සම්මත කර තිබේ.

එම යෝජනාවට පක්ෂව 55දෙනෙකු තම මනාපය ලබා දුන් අතර විපක්ෂව ලැබුනේ මනාප 22ක් පමණි.

මෙම යෝජනාව සම්මත වීමත් සමග එරට ජනාධිපතිනියගේ ධුරය අහෝසි වනු ඇත.

එරට ජනපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වන ඇය වාමාංශික දේශපාලන නායිකාවක් වන්නීය. 2014  ජනපතිවරණයේදී තමාට වාසි වන අයුරින් රජයේ ගිණුම් වෙනස් කිරීම ඇයට විරුද්ධව ඇති චෝදනාවයි.

දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේ එය නිෂ්ප්‍රභා කිරීමට අධිකරණ නියෝග ගෙන ඒමට උත්සහ කළ නමුත් ඒ සියල්ල අසාර්ථක වී ඇත.

ජනපතිනිය කියනුයේ කුමන්ත්‍රණයක් බවයි. එමෙන්ම කුමන්ත්‍රණයට විරුද්ධව   එක්වන ලෙස එරට රටවැසියන්ගෙන් ඇය ඉල්ලා සිටින්නීය.