තම ප‍්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා රටේ ආර්ථික තත්ත්වය පිළිඹද වැරදි චිත‍්‍රයක් මවා පැවේයැයි බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රුසෙෂ්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයක් බ‍්‍රසීල කොංග‍්‍රසයේ පහළ මන්ත‍්‍රණ සභාවේදී අද (18) ඡන්ද 367 කින් සම්මත විය.
විශ්වාසභංගයට විරුද්ධව ලැබුණේ ඡන්ද 137 ක් පමණකි.එය සම්මත කර ගැනීමට පහළ මන්ත‍්‍රණ සභාවේ තුනෙන් දෙකක කැමැත්ත, එසේත් නැතිනම් ඡන්ද 342 ක් අවැසි වූ අතර, අවසානයේ එම ප‍්‍රමාණයද ඉක්මවා ඡුන්ද ලැබී තිබිණ.
කොංග‍්‍රස ගොඩනැගිල්ලෙන් පිටත සිට ඡන්දය ප‍්‍රකාශ කෙරෙන අයුරු නරඹමින් සිටි බ‍්‍රසීල ජනතාවද විශ්වාසභංගය සම්මත වීම සැමරූහ.ඝෝෂා කරමින්, තම මෝටර් රථ වල නළා නාද කරමින් ඔවුහු කලබල කළහ.
මෙම විශ්වාසභංගය දැන් ඉහළ මන්ත‍්‍රණ සභාවට යොමු කිරීමට නියමිත අතර එහිදීද වැඩි ඡන්දයෙන් එය සම්මත වුවහොත් තම ධූරයෙන් ඉල්ලා අස්වීමටත් නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයකට මුහුණදීමටත් ජනපතිනී ඩිල්මා රුසෙෂ්ට සිදුවේ.
බ‍්‍රසීලයේ කොංග‍්‍රසය නියම කරන ආර්ථික ඉලක්ක සැපිරීම බ‍්‍රසීලයේ පාලනය භාරගන්නා රජයකට පැවරෙන වගකීමකි.මෙම ඉලක්ක සැපිරීමේ අරමුණ වනුයේ ආයෝජකයින් අතර බ‍්‍රසීලයේ ආර්ථිකය සම්බන්ධයෙන් සුභවාදී ආකල්පයක් ඇති කිරීමයි.
ජනපතිනී ඩිල්මා රුසෙෂ් ප‍්‍රමුඛ රජයද මෙවර කෙංග‍්‍රසයෙන් තමන් වෙත ලැබුණු ඉලක්ක සපුරා ඇත.නමුත් වැඩිදුර සොයාබැලීමේදී හෙළිව ඇත්තේ ඇය රාජ්‍ය බැංකු වලින් ණය ලබාගෙන ඒවා මහා භාණ්ඩාගාරයට යොමුකර එම මුදල් ආධාරයෙන් නියම කෙරුණු ආර්ථික ඉලක්කයන් සපුරාගන ඇති බවයි.බ‍්‍රසීලයේ ආර්ථිකය ගැන ව්‍යාජ චිත‍්‍රයක් මවාපෑමට කටයුතු කර ඇතැයි ඇයට චෝදනා නැගී ඇත්තේ මේ නිසාය.
චෝදනා වලට පිළිතුරු දී තිබෙන ජනපතිනිය මෙය තමන්ව බලයෙන් පහ කිරීමට දියත් කර තිබෙන කුමන්ත‍්‍රණයක් බවත් තමන් අනුගමනය කළේ මිීට පෙර සිටි රජයන්ද අනුගමනය කළ කි‍්‍රයාමාර්ගයක් බවත් පවසා තිබේ.
ඩිල්මා රුසෙෂ්ට පක්ෂ හා විපක්ෂ ලෙස බ‍්‍රසීලයේ ජනතාව දැනටමත් දෙපිළ බෙදී සිටින අතර ජනපතිනියට තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුවහොත් එයින් බ‍්‍රසීලයේ සමස්ථ අනාගතයටම දරුණු බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරකයෝ පවසති.
බ‍්‍රසීලයේ වැඩකරන ජනතාව බහුතරයක් අතර ඇයට ඉහළ පිළිගැනීමක් හිමිය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ‍්‍රසීල ජනපතිනියට එරෙහි විශ්වාසභංගය සම්මතයි
යෝනක Wednesday, 20 April 2016 05:28 AM
ඒ ඉතින් ඒ රටවලනේ... (නි)
සෙනරත් Tuesday, 19 April 2016 03:45 AM
එහෙම බැලුවොත් අපේ රටේ අගමැතිට, මුදල් ඇමතිට සහ පිරිසට කොතරම් නඩුදමන්න ඕනෙද ? (ම)