දින 10 පුරා නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර තිබේ. 66 හැවිරිදි ජනාධිපතිවරයාට හදිසි සැත්කමක් සිදු කළ යුතුදැයි නැද්ද යන්න ස්කෑන් පරීක්ෂණයකින් තීරණය කරන බව ඔහුගේ වෛද්‍යවරු පවසති.
ජනාධිපති බොල්සරානෝ පසුගිය 3 වැනිදා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවට ගොස් කෘත්‍රිම දතක් බද්ධ කර ගත්තේය. ඉක්කා වැටීම ආරම්භ වූයේ ඉන්පසුව යැයි බොල්සරානෝ පවසයි. නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන් පසුගිය දින කීපය පුරා බොල්සරානෝ දැඩි අපහසුතායකින් පසුවුණු බව බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
අන්ත දක්ෂිණාංශික නායක බොල්සරානෝ මේ වනවිට බ්‍රසීල වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ද පත් වී සිටී. ඒ, කොරෝනා වසංගතය නිසි ලෙස කළමණාකරනය නොකිරීම සහ එන්නත් ඇණවුම් කිරීමට ප්‍රමාද වීම නිසාය. අද ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
ඊට අමතරව, එන්නත් මිලදී ගැනීමට ඇණවුම් ලබා දෙමින් ජනාධිපති බොල්සරානෝ, සෞඛ්‍ය අමත්‍යාංශය සමඟ එක් වී මුදල් වංචාවක් සිදු කළේ යැයි ද චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අධිකරණය අවසර දී තිබේ.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බොල්සරානෝ ද කොරෝනා වයිරසය අවතක්සේරු කළ ජනාධිපතිවරයෙකි. ඒ නිසාම බොල්සරානෝ කොරෝනා ආසාදිතයකු බවට ද පත් විය. ඔහු සුවය ලැබුවේ දින 7 කට පසුවය.
බොල්සරානෝ බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වූයේ 2018 දීය. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා ජන රැලියකට සහභාගී වී ජනතාව අතර සිටිද්දී, ඔහුට ප්‍රතිවාදියකුගෙන් පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරය එල්ල වූයේ බොල්සරානෝගේ උදරයටය. එයින් මහ බඩවැලට හානි සිදුවුණු අතර, ඉන්පසු සැත්කම් කීපයක් ද සිදු කෙරුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනපතිට දින 10 ක් ඉක්කා
chathuri Friday, 16 July 2021 12:44 AM
මහජනතාවගේ මුදල් වංචාකරණ, බොරු කියන අපේ රටේ ඉන්න දේශපාලුවන්ටත් මැරෙනකම්ම ඉක්කා හැදෙන්න ඕනෑ.
මෝ Friday, 16 July 2021 08:23 PM
ඉක්කයි මමයි ගාලුගියා... ඉක්කා හිටියා මං ආවා කියලා හුස්ම හිරකරගෙන කියාගෙන ගියානම් ගොඩ...