IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති

 

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා කරමින්, බ්‍රසීල වැසියෝ දහස් ගණනින්, එරට ප්‍රධාන නගරවල විරෝධතා පවත්වති.

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ ජනාධිපති බොල්සරානෝ වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

ඊයේ (30) මුහුණු ආවරණ පැලඳ 10,000 කට අධික බ්‍රසීල වැසියන් පිරිසක් රියෝ දි ජැනයිරෝ නුවර පෙළපාළි යමින් ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණවල නියැලුණාහ. බොල්සරානෝ මහා ජන සංහාරයක් කළ බවත්, කොරෝනාට වඩා බොල්සරානෝ වසංගතයක් බවත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියන්න වූහ.

බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වෙද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුව යමින්, වයිරසය 'පුංචි හෙම්බිරිස්සාවක්' යැයි අර්ථ දැක්වීමට බොල්සරානෝ කටයුතු කළේය. මුහුණු ආවරණ පැලඳීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

සෞඛ්‍ය බලධාරීන් සහ ජනාධිපතිවරයා අතර නිතර ගැටුම් ද හට ගත්තේය. නිරෝධානය කිරීම්, මුව ආවරණ පැලඳීම, දුරස්ථභාවය රැක ගැනීම්, සංචරණ සීමා පැනවීම් ඇතුළු ලොව සෙසු රටවල් පැනැවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනාධිපති බොල්සරානෝ මායිම් නොකළ බවට ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව චෝදනා එල්ල වී ඇත.

අද වනවිට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. වයිරසය  නිසා දිනෙන් දින එරට වැසියන් ජීවිතක්ෂයට පත් වෙද්දී , මිය යන ජනතාව මිහිදන් කිරීමට සොහොන් බිම්වල ඉඩ කඩ පවා ප්‍රමාණවත් නොවෙද්දී වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස් වූ පසුබිමක් තුළ බොල්සනාරෝ රජය කොවිඩ් එන්නත් ඇණවුම් කිරීමට පවා නිසි කල නිසි පියවර නොගත් බවට ද චෝදනා එල්ල වී ඇත.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)



අදහස් (2)

බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති

Asanka Tuesday, 01 June 2021 06:44 AM

මෙන්න කොන්ද පණ ඇති මිනිස්සු ඉන්න රටක්. අසාධාරණයේදී එකාවන්ව එකතුවන ඔබට ආචාරය.. තව ශ්‍රී ලංකාව කියා දුපතක් නම් අහලා තියෙනවා. කොරෝනා බෙහෙති විදින වැඩ පිළිවෙල නගරාධිපතිලා කඩාකප්පල් කළත් එහෙ මිනිස්සු නොවේ මේ කියන්නේ. ඒ තරමට නෝන්ජල් කතාවක්නේ..

:       0       2

chithralTuesday, 01 June 2021 09:05 AM

ලංකාවේ 69 ලක්ෂයේ ගෝත්‍රිකයින්ට දැන් කෙලවෙලා. දැන් ඔවුන්ට පොලිසියෙනුත් ගහනවලු. බ්‍රසීලයේ මිනිස්සු ඒ රටේ ඉන්න දූෂිත පාලකයාව පන්නලා දමයි. ඔවුන්ට ජය වේවා...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site