IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බ්‍රසීල ජනාධිපතිවරණය දෙවැනි වටයකට යන්න සිදුවෙයි

බ්‍රසීල ජනාධිපතිවරණයේදී කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දෙවැනි වටයකට යෑමට සිදුව ඇතැයි  විදෙස් මාධ්‍ය වාර් තා කළේය.

බ්‍රසීල ජනාධිපතිවරණය ඊයේ(02) පැවති අතර එහිදී අන්ත දක්ෂිණාංශික වත්මන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සරානෝ  ඡන්ද 51,069,098 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.2 කි.හිටපු ජනාධිපතිවරයෙක් වන ලූලා ද සිල්වා ඡන්ද 57,246,442 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 48.4 කි.සෙනෙට් සාමාජික සිමෝන් ටෙබෙට් ඡන්ද 4,915,133 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.2 ක් විය.

හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සියයට 48.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයේ පෙරමුණ ගත්තත් එය දෙවැනි වටයකට යෑම වැළැක්වීමට ප්‍රමාණවත් නොවීය.බ්‍රසීල ජනාධිපතිවරණයකින් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට නම් තරඟ වදින අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය.

ඒ අනුව බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.එළඹෙන 30 වැනිදා පවත්වනු ලබන බ්‍රසීල ජනාධිපතිවරණ දෙවැනි වටයේදී පළමු සහ දෙවැනි ස්ථාන ගත් ලූලා ද සිල්වා සහ ජනාධිපති ජෙයාර් බොල්සරානෝ තරඟ වදින අතර තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීමට තවත් සති 4 ක කාලයක් ලැබෙන බව දේශපාලන විචාරකයෝ පැවසූහ. බ්‍රසීල ජනාධිපතිවරණ ඉතිහාසයේ වසර 24 කට පසුව දෙවැනි වටයක් පැවැත්වීම විශේෂත්වයකි.

දුෂණ චෝදනා මත සිරගත වී සිටීම හේතුවෙන් 2018 වසරේ පැවති ජනාධිපතිවරණයට ලූලා ද සිල්වා ඉදිරිපත් වුයේ නැත. 



අදහස් (0)

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවැනි වටයකට යන්න සිදුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site