
බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය අද (30) ආරම්භ වෙයි. අවසන් වටය සඳහා ඉදිරිපත් වන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය.
දෙවනි ධුරයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වුණු යාර් බොල්සරානෝ අන්ත දක්ෂිණාංශිකයෙකි. ලූලා ද සිල්වා වාමාංශිකයෙකි.
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට හැකි වූයේ නැත. වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගත්තේ බොල්සරානෝ සහ ලූලා ද සිල්වා පමණි.
බ්‍රසීල මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට වැඩි වාසි අත්වනු ඇති බවය. ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd