IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක

බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

ධවල මන්දිරයේ දී ජනාපධිති ලූලා ද සිල්වා උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය. වාමාංෂික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. ඔහු තෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඇමෙරිකාව බලා පැමිණියේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමිනි.

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපති බයිඩන්, බ්‍රසීල ජනාපධිතිවරයාට පැහැදිලි කළේය. දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද ජනාධිපතිවරුන් දෙදෙනාට හැකිවුණු බව ධවල මන්දිර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දේශගුව විපර්යාස පිටුදැකීම කෙරෙහි ද ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වී තිබේ.

ඉදිරියේ දී බ්‍රසීල සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇරැයුම් කළ අතර, ජනාධිපති බයිඩන් එම ඇරැයුම පිළිගත්තේය.

(රොයිටර්)



අදහස් (0)

බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site