
බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.
ධවල මන්දිරයේ දී ජනාපධිති ලූලා ද සිල්වා උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය. වාමාංෂික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. ඔහු තෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඇමෙරිකාව බලා පැමිණියේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමිනි.
බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපති බයිඩන්, බ්‍රසීල ජනාපධිතිවරයාට පැහැදිලි කළේය. දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද ජනාධිපතිවරුන් දෙදෙනාට හැකිවුණු බව ධවල මන්දිර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දේශගුව විපර්යාස පිටුදැකීම කෙරෙහි ද ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වී තිබේ.
ඉදිරියේ දී බ්‍රසීල සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇරැයුම් කළ අතර, ජනාධිපති බයිඩන් එම ඇරැයුම පිළිගත්තේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd