
බ්‍රසීල හිටපු ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇන්ඩර් ටොරේස් අත්අඩංගුවට ගැණුනි. ඒ, ඔහු යළි බ්‍රසීලයට පැමිණි අවස්ථාවේදීය.
පසුගිය දිනවල බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඊට අනුබල දුන්නේ ඇන්ඩර් ටොරේස් යැයි චෝදනා එල්ල වී ඇත.
ඇන්ඩර් ටොරේස් පසුගිය දිනවල සිටියේ ඇමෙරිකාවේය. විරෝධතාකරුවන්ට අනුබල දී උසි ගැන්වූයේ යැයි චෝදනා එල්ල වුණු සැණින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් යළි බ්‍රසීලයට පැමිණෙන බව ඇන්ඩර් ටොරේස් නිවේදනය කර තිබුණි.
මේ වනවිට හිටපු ජනාධිපති බොල්සොනාරෝ ද සිටින්නේ ඇමෙරිකාවේය. බොල්සොනාරෝ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු ද වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd