ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඔක්තෝබර් 31 වැනි දා හා නොවැම්බර් 01 වැනි දා යන දෙදින තුළ විහාරාධිපති වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වේ.

වියා සල්වෝ ද අකුයුඉස්ටෝ හී අංක 22 දරන ස්ථානයේදි පැවැත්වෙන පිංකමට 31 වැනි දා  රාත‍්‍රී සම්බුද්ධ පූජාව සහිතව මහ පිරිත් දේශනය ද  දහවල් කඨින වස්ත‍්‍ර පූජාව, කල්ප වෘක්‍ෂ පූජාව, සපිරිකර දක්ෂිණාවද මහජන දානය ඇතුළත් වේ.

ශ‍්‍රීමාල් ජයලත්, කෝසල අමරසිංහ, සුභාෂිණී සකුන්තලා, දිනේෂ් සංදීප, හෂිණී නිසංසලා, බ්‍රෙෂියා මිරිසගේ සර්විස් ආයතනය, ඩබ්.ඒ සංජීව මහතා සහ සහෝදර පිරිස පද්මා ධනංසූරිය, නන්දා  මඩපාත, පියසිරි මඩපාත යන මහත්ම මහත්මීහු පිංකමේ දායකත්වය දරති.

ඉතාලියේ ප‍්‍රධාන සංඝ නායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කඨින මහා පිංකමට මෛත‍්‍රී විහාරාධිපති ගෞරව විමලරතන, වෙරෝනා උඩවලවේ ඤාණානන්ද, පූජාපිටියේ සංතුසිත, ඉතාලි ජාතික කුමාර යන සහභාගි වෙති. 

K20156