යුරෝපයේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම දික්වැල්ලේ සීලසුමන හා කොන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත හිමිවරුන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 08 වැනි දා පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් හත් වැනි සෙනසුරාදා සවස 6.00 ට ත්‍රිකුනාමලේ ආනන්ද නාහිමියන්ගේ ධර්ම දේශනයක් හා එදිනම සවස 7.00 ට සෙත් පිරිත් දේශනාවක්ද පැවැත්වේ.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත නිකායේ මහා නායක ත්‍රිකුනාමලේ ආනන්ද , දික්වැල්ල උතුරු මහා විදුහලේ විදුහල්පති දික්වැල්ලේ ධම්මවිලාස , වැවුරුකන්නල විද්‍යාතුංග පරිවේනාධිපති කරතොට පඤ්ඤාසීල , බෝකුම් විහාරාධිපති ධම්මානන්ද , ජර්මන් පියනන්ද , හැම්බර්ග් නුවර වජිරඤාණ ධර්මායතනාධිපති තල්පාවිල කුසලඤාණ , බොන් නුවර විහාරාධිපති පානදුරේ සාරානන්ද , තායිලන්ත ජාතික අනුසක් යන හිමිවරුන් ද පිංකමට වැඩම කිරීමට නියමිතය.
බර්ලින් ලයන්ස් ක්‍රිකට් සමාජය මෙවර පින්කමේ දායකත්වය දරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර්ලින් විහාරයේ ලිපිනයද සඳහන් කරන්නේ නම් ලොකු උපකාරයකි. තුති! (නි)
සාධු සාධු සාධු!! (නි)