IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බිරියට හොරා බීලා හොඳ ටැංකියකින් නාලා

බිරිදට සොරෙන් රහමෙර පානයේ යෙදී ඇයගේ උදහසින් වැළකෙන්නෙමියි සිතා කෙටි මගකින් නිවස වෙත යමින් සිටි චීන ජාතිකයෙකුගේ ගමන අවසන්වූයේ වැසිකිළි අපද්‍රව්‍ය පුරවා තිබූ ටැංකියකිනි.

උදවු ඉල්ලා ඔහු නැඟූ හඬ ඇසී වහ වහා එතැනට පැමිණියෝ සහන සේවකයන් කැඳවා ඔහු බේරාගත්හ.

අසූචි වලින් නැහැවී සියොලඟ කළු පැහැගැන්වී සිටි ඔහු දෙස බැලීමත් අපහසු විය.ගන්ධස්කාරය පළාතම වසා ගත්තේය.

සහන සේවකයින් ඔහු පිරිසිදු කිරීමට තැත් කළද එයට අකැමැතිවූ ඔහු තවත් පමා වුවහොත් බිරිදගේ උදහසට ලක්වන බව කියමින් අසූචි නාගෙනම නිවෙස බලා ගියේය.

නිවසේදී ඔහුට හොද සංග‍්‍රහයක් ලැබී තිබෙන බව සඳහන්ය.

පසු අවස්ථාවක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඔහු පවසා තිබෙන්නේ තමා තැබෑරුමේ සිටියදී බිරිදගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් නිසාවෙන් ඉක්මනින් නිවස වෙත යෑමට කෙටි මග තෝරාගත් බවයි.

මගදී වමනය කිරීමට අවශ්‍යතාවක් ඇතිවූ හෙයින් මාර්ගය පසෙක වූ වැටක් අල්ලාගෙන වමනය කළේයැයිද නොදැනුවත්වම වැටට උඩින් ගිය තමා පහළට ඇද වැටුණේ යැයිද ඔහු පවසා ඇත.

තමන් වැටුණේ වතුර ටැංකියකට බව මුලින් සිතා සිට ඇති ඔහු වැරැද්ද තේරුම් ගෙන ඇත්තේ ගඳ දැනෙන්නට වූ විටය. වෙරිමතද සිඳී අසූචි වල ගිලූණු ජංගම දුරකථනයද සොයාගත නුහුණු තැන ඔහු කෑ කසා උදවු ඉල්ලා ඇත.

නිවසේදී තමා දුටු බිරිද අතිශයින් කෝපයට පත්වුනු බවත් තමන් අසූචි වලින් නැහැවී සිටින්නේ ඇයිදැයි ඇය වහාම තේරුම්ගත් බවත් ඔහු කියා ඇත.

‘‘නිවස ඇතුලේ නිදා ගන්න මට තහනම් කරපු ඇය මට පෙන්නුවේ බලූ කූඩුව.ඒත් ඒකෙවත් නිදාගන්න බැරිවුනා මොකද මගේ ගඳට නහය හකුලගත්ත අපේ බල්ලා ඉක්මනටම කූඩුවට පැන ගත්තා.මට ඉන්න වුනේ එළියේ.‘‘ ඔහු පවසා තිබේ.

මේ සිදුවීමෙන් තමන් හොඳ පාඩමක් ඉගෙන ගත් බව ඔහු අවසානයේ සඳහන් කර ඇත.

1414073491117_wps_28_Pic_shows_Chi_Fang_was_re

 

 

 

 



අදහස් (0)

බිරියට හොරා බීලා හොඳ ටැංකියකින් නාලා

කපිල Tuesday, 28 October 2014 09:39 AM

හෙට ලොව දරුවන්ට හොදේ. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 04:18 AM

ග්‍රීස් යකෙක් වගේ.(අ)

:       0       0

කමල් Tuesday, 28 October 2014 09:49 AM

චීන්නු ගෑනුන්ට බයයි වාගේ, අපේ ගෑණු චීන්නුන්ට බන්දලා දුන්නනම් ණය ගොඩ දාගන්න පුළුවන්. (ර)

:       0       0

මහේෂ්‍ Thursday, 30 October 2014 09:09 AM

හොඳ පාඩම (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Monday, 27 October 2014 07:18 PM

මේවා හොදයි කොන්ඩේ බැඳපු චිනුන්නට ...(ස)

:       0       0

රුමේෂ් Monday, 27 October 2014 11:55 PM

හොඳ දඩුවම ලැබිලා තියෙන්නේ රහමෙර පානය කරනවට. රහමෙර පානය කිරීමෙන් මෙලොව හා පරලොව දෙලොවම අසාර්ථක වන බව මතක් කරගන්න හොඳ පුවතක්. (නි)

:       0       0

ආනන්ද Tuesday, 28 October 2014 02:45 AM

මට නම් මේ මනුස්සය ගැන දුකක් ඇතිවුනා. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 31 October 2014 07:35 PM

රුමේෂ්, ස්කාගාර වල වැඩකරන අපේ බඩට ගහන්නද හදන්නේ? (නි)

:       0       0

ධම්ම Monday, 27 October 2014 11:43 AM

චීනයේ වැසිකිලි වලවල් විවෘතවද තියෙන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 412 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site