බෞද්ධ දරු දැරියන්ගේ දහම් දැනුම ප්‍රගුණ කිරීමත් බුදු දහම පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කිරීමත් අරභයා බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය " දම් උදාව" නමින් වැඩ සටහනක් හඳුන්වාදී ඇත.
විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක කැරෙන මෙම වැඩසටහන සඳහා බෙරගම පියරතන හිමියන්ගේ භාවනා වැඩසටහනක් මඟින් ගැඹුරු දේශනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සහ ප්‍රශ්න හා පිළිතුරු සැපයීමද සිදුවෙයි.
ජේතවන විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් සහභාගිවූ පළමු වැනි වැඩසටහන පසුගිය ඉරුදින පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. සැමට තෙරුවන් සරණයි. (ර)