බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකන්ගේ දුවා දරුවනට බෞද්ධ ගති සිරිත්වල අගය කියාදීමටත් ඒවාට ඔවුන් හුරුපුරුදු කරවීමටත් බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරය වාර්ෂිකව මාපිය වන්දනා නමින් වැඩසටහනක් ආරම්භ කැර ඇත.
මෙම වැඩසටහනේ මේ වසරේ පිංකම පසුගියදා විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
තිස්සපුර සුගතරතන හිමියන් මෙහෙයවූ වන්දනා වැඩසටහන සඳහා දරුදැරියන් මෙන්ම දෙමාපියෝ ද සහභාගී වුහ.
මෙහිදී අනුශාසනාව පැවැත්වූ සුගතරතන හිමියෝ " මානව සාරධර්මයන් අභිබවා තාක්ෂණය, වාණිජත්වය සහ විද්‍යාව වැනි දේ පෙරමුණහිලා සළකන බටහිර සමාජයක හැදෙන වැඩෙන බෞද්ධ දරුවන් තුළද නිරායාසයෙන්ම එවන් මානසිකත්වයක් ගොඩනැඟීම වැළක්විය නොහැකි කරුණක් බවත් මාපිය වන්දනා වැඩසටහන මෙන්ම දහම් පාසල් වැඩසටහන් මඟින් ද අපගේ බෞද්ධ දරුවන් හට ශ්‍රී ලාංකික බෞද්ධ ගති සිරිත් කියාදී ඔවුන් තුළ ඒවායේ අගය සහ හරය පිළිබඳ කල් පවත්නා උනන්දුවක් ඇති කිරීමට උත්සාහ ගන්නා බවත් " සුගතරතන හිමියෝ කීහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd