IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බර්මින්හැම් ජේතවන වස් පිංකම

බ්‍රිතාන්‍යයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැළකෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්විණි.

බර්මින්හැම් ජේතවන විහාරයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරාධිපති රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ  හිමි, මාපලගම සෝරත හිමි සහ බෙරගම පියරතන හිමි මෙවර ජේතවන විහාරස්ථානයේ වස් විසුහ.

මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පිදිවිල්ලේ පියදස්සි හිමි, එම විහාරවාසී ගල්පොත්යායේ පේමානන්ද හිමි, හපුගොඩ සුභෝද හිමි, උඩුනුවර ඉන්ද්‍රරතන හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසි දොඩන්ගොඩ සුමේධ හිමි, කලුඅග්ගල සරණසිරි හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි,ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී තිස්සපුර සුගතරතන හිමි, ලෙස්ටර් අශෝක විහාරවාසී කිරම රතනසිරි හිමි, ඉලුක්කුඹුරේ සීවලී හිමි සහ ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ කිරිගල්පොත්තේ චන්දානන්ද හිමි කඨින පිංකම සඳහා සහභාගී වුහ.

ආනන්ද සහ අනුරුද්ධිකා හික්කඩුව පවුලේ සැම සමඟ අනෙකුත් හිතමිත්‍රාදීහු  සහ දායක කාරකාදීහු කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් වැඩම කළහ.

පිදිවිල්ලේ පියතිස්ස හිමියෝ කටින පින්කමෙහි වැදගත්කම පහදා දෙමින් ඉංග්‍රීසි බසින් ධර්ම දේශනාවක් පැවැත්වුහ. තෙල්දෙනියායේ අමිත හිමියෝ සිංහල භාෂාවෙන් ධර්ම දේශනාවක් පැවැත්වුහ.

11222695_10153078751237821_9020356791634715013_n[1] 11253888_10153078751522821_43110783054382395_n[1] 12063736_10153078751567821_2481151462797024406_n[1] 12072633_10153078749512821_2434579451035319801_n[1] 12115686_10153078749012821_440649574297162156_n[1] 12187863_10153078750297821_6389682546190361575_n[1] 12191840_10153078750142821_8046409818739954879_n[1] 12193397_10153078751047821_8063129285733575867_n[1] 12208596_10153078751162821_4160756865387321682_n[1]



අදහස් (0)

බර්මින්හැම් ජේතවන වස් පිංකම

දුලානි Friday, 06 November 2015 03:47 AM

පිටරට වෙලත් චීවරේ මහල දෙන්නේ. එත් අපේ රටේ එකත් කඩෙන් අරන් දෙන්නේ. මේ මිනිස්සුන්ට තේරෙන තරම්වත් අපේ අයට මොලයක් නැනේ (රේ)

:       0       0

අනූෂා Thursday, 05 November 2015 03:00 PM

බුදුදහම රැකගැනීමට වෙහෙසෙන ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සාධු සාධු සාධු !!! (නි)

:       0       0

කරුණාරත්න Thursday, 05 November 2015 10:53 PM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

කල්පගේ Thursday, 05 November 2015 12:58 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site