බ්‍රිතාන්‍යයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැළකෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්විණි.
බර්මින්හැම් ජේතවන විහාරයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරාධිපති රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි, මාපලගම සෝරත හිමි සහ බෙරගම පියරතන හිමි මෙවර ජේතවන විහාරස්ථානයේ වස් විසුහ.
මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පිදිවිල්ලේ පියදස්සි හිමි, එම විහාරවාසී ගල්පොත්යායේ පේමානන්ද හිමි, හපුගොඩ සුභෝද හිමි, උඩුනුවර ඉන්ද්‍රරතන හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසි දොඩන්ගොඩ සුමේධ හිමි, කලුඅග්ගල සරණසිරි හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි,ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී තිස්සපුර සුගතරතන හිමි, ලෙස්ටර් අශෝක විහාරවාසී කිරම රතනසිරි හිමි, ඉලුක්කුඹුරේ සීවලී හිමි සහ ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ කිරිගල්පොත්තේ චන්දානන්ද හිමි කඨින පිංකම සඳහා සහභාගී වුහ.
ආනන්ද සහ අනුරුද්ධිකා හික්කඩුව පවුලේ සැම සමඟ අනෙකුත් හිතමිත්‍රාදීහු සහ දායක කාරකාදීහු කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් වැඩම කළහ.
පිදිවිල්ලේ පියතිස්ස හිමියෝ කටින පින්කමෙහි වැදගත්කම පහදා දෙමින් ඉංග්‍රීසි බසින් ධර්ම දේශනාවක් පැවැත්වුහ. තෙල්දෙනියායේ අමිත හිමියෝ සිංහල භාෂාවෙන් ධර්ම දේශනාවක් පැවැත්වුහ.
![11222695_10153078751237821_9020356791634715013_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/11222695_10153078751237821_9020356791634715013_n11.jpg)
![11253888_10153078751522821_43110783054382395_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/11253888_10153078751522821_43110783054382395_n11.jpg)
![12063736_10153078751567821_2481151462797024406_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12063736_10153078751567821_2481151462797024406_n11.jpg)
![12072633_10153078749512821_2434579451035319801_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12072633_10153078749512821_2434579451035319801_n11.jpg)
![12115686_10153078749012821_440649574297162156_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12115686_10153078749012821_440649574297162156_n11.jpg)
![12187863_10153078750297821_6389682546190361575_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12187863_10153078750297821_6389682546190361575_n11.jpg)
![12191840_10153078750142821_8046409818739954879_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12191840_10153078750142821_8046409818739954879_n11.jpg)
![12193397_10153078751047821_8063129285733575867_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12193397_10153078751047821_8063129285733575867_n11.jpg)
![12208596_10153078751162821_4160756865387321682_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12208596_10153078751162821_4160756865387321682_n11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට වෙලත් චීවරේ මහල දෙන්නේ. එත් අපේ රටේ එකත් කඩෙන් අරන් දෙන්නේ. මේ මිනිස්සුන්ට තේරෙන තරම්වත් අපේ අයට මොලයක් නැනේ (රේ)
බුදුදහම රැකගැනීමට වෙහෙසෙන ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සාධු සාධු සාධු !!! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
සාධු සාධු සාධු!!! (නි)