තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙසතෝ රාජ්‍යයේ අගමැති අද එරට අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහුගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ මහත්මිය 2017 වසරේ ජූනි මාසයේ දී වෙඩි තැබීමකින් ඝාතනය විය.
අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ අතර දික්කසාද ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින විට මෙම සිදුවීම වාර්තා වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වත්මන් බිරිඳ වන මෙසියා තබානේ මහත්මිය ද සැකපිට අත්අඩංගුවට ගැණින.
ඝාතනය සිදුකිරීමට නියෝග කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
(රොයිටර් ඇසුරෙනි)
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවියනි !! පහල මධ්‍යම මට්ටමේ ආදායම් සහිත ( ලෝක බැංකු වාර්තා -2019) මෙවැනි නොදියුණු රටකත් නිතිය හරියට ක්‍රියාත්මක වෙනකොට අපේ රටට මේ තත්වයට එන්නට කොපමණ කලක් ගතවේද?