බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණියේය.
බිලියනපතිවකු වන 70 හැවිරිදි බ්‍රැන්සන් මෙම වික්‍රමය කළේ ඔහුගේ ඇමෙරිකාවේ පිහිටා ඇති 'වර්ජින් ගැලැක්ටික්' සමාගම නිපදවූ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' නමැති සුපර්සොනික් ගගන යානයෙනි.
'වර්ජින් ගැලැක්ටික්' සමාගම මෙම ගගන යානය නිපදවා ඇත්තේ අතමිටසරු ඕනෑම අයකු අභ්‍යවකාශය අද්දරට ගෙන ගොස් ගගනගාමියකු ලබන අත්දැකීම ලබා දී ආපසු පොළොවට රැගෙන ඒමටය.
බ්‍රැන්සන්ගේ මෙම ඓතිහාසික ගමන සජිවීව වෙබ් නාළිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා තිබුණි.
බ්‍රැන්සන් සමඟ අභ්‍යවකාශට ගොස් ආපසු ආ පිරිස 6 කි. එයින් දෙදෙනකු කාන්තාවන්ය. ඉන් එක් අයකු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ උපත ලබා ඇමෙරිකාවේ හැදී වැඩුණු ශ්‍රීෂා බණ්ඩාලාය.
අභ්‍යවකාශයට යෑමත්, ආපසු පැමිණීමත් සිදුවූයේ පැයක තරම් කෙටි කාලයක් ඇතුළතය.
අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙස බ්‍රැන්සන්ගේ මෙම වික්‍රමය සැලකෙයි.
ඒ අනුව මේ වනවිටත්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු, 'වර්ජින් ගැලැක්ටික්' සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල්ගෙවා ලියාපදිංචි වී අවසන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර තිබේ.
සැන්ටා ෆේ නුවරදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රැන්සන්ගේ ගගන සවාරිය සාර්ථකයි