බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියරේ නුරුන්සිසා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. 2005 වර්ෂයේ සිට බුරුන්ඩි හි ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු මියයන විට 55 හැවිරිදි වියේ පසුවිය.
පසුගිය මාසයේ පැවැත්වුණු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර අගෝස්තු මාසයේදී පියරේ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබිණි.
බුරුන්ඩි දේශයේ 300,000ක් පමණ ඝාතනය වූ වසර 12ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසානයේ පියරේ මහතා ජනාධිපති ධූරයට පත්විය.
ඔහු බලයට පත්වන විට හුටු නම් කැරළිකාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර සාමයට කැමතිවීමෙන් පසුව නීති සම්පාදකයින් විසින් ජනාධිපතිධූරයට තෝරා ගන්නා ලදී.
කෙසේවුවද පියරේ නුරුන්සියාගේ පාලන කාලය තුළ බුරුන්ඩි හි, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, පිටවහල් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ මාධ්‍ය මර්දන බහුලව පැවතුනු බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති මියයයි