බුරුන්ඩි දිවයිනේ පවතින ගැටුම්කාරි තත්ත්වයෙන් පසු මාර්ග කිහිපයක තිබි මළ සිරුරු 34ක් පමණ සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් බුජුම්බුරා හි එක් පෙදෙසකින් මළ සිරුරු 21ක් හා තැන තැනින් තවත් කිහිපයක් සොයාගත් බව එරට ආරක්ෂක අංශ පවසයි. මියගිය පිරිස තරුණයන් බවත් එම සිරුරුවල වෙඩි තැබූ බවට සළකුණු දක්නට ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මියගොස් සිටි වැඩි දෙනකුගේ සිරුරුවල අත් පිටුපසට කර ගැටගසා තිබෙනු දක්නට ලැබිණි.
මේ සිරුරු හමුවීමට දිනකට පෙර බුරුන්ඩි දිවයිනේ හමුදා බැරැක්ක තුනකට කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ල කර තිබිණි. බුරුන්ඩිවල මැයි මාසයේ ඇතිවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා උද්ඝෝෂණ වලින් පසු මේ කලබලකාරී තත්ත්වය දිගින් දිගටම පැවතිණි. ජූලිවල පැවැති මතබේධාත්මක මැතිවරණයෙන් බුරුන්ඩි ජනාධිපති තෙවැනි වරටත් ජයග්‍රහණය කිරීම මේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් පැවතීමට හේතුවිය. දැනට සොයාගෙන ඇති මළ සිරුරුවලට වඩා වැඩි සිරුරු ප්‍රමාණයක් තැන් තැන්වල ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
515
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුරුන්ඩි මහ පාරේ මළ සිරුරු
චාමර Sunday, 13 December 2015 09:39 AM
ලංකාවෙත් පාරේ මල සිරුරු තිබුනේ දවස ගානේ, ලඟක් වෙනකන්ම. එලියට බැස්සහම ගෙදර එන එක ෂුවර් නැහැ. දැන්නම් ඒවා කාටවත් මතක නැහැ. (ස)
ගයාන් Saturday, 12 December 2015 03:48 PM
බුරුන්ඩි තියෙන්නේ අප්‍රිකාවේ මැදට වෙන්න නේද? (නි)