ඇමෙරිකාවේ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නැවතත් තරග කරන බව පවසයි.
බර්නි සැන්ඩර්ස් 77 හැවිරිදි වියේ පසුවෙයි. ගුවන් විදුලි සංවාදයකට එක්වෙමින් සැන්ඩර්ස් මහතා අද (19) මේ බව පැවසීය.
‘මම හේතු දෙකක් නිසා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.’ යැයි කීය.
‘2016 දී අපි දේශපාලනික විප්ලවය ආරම්භ කරමු. දැන් එම විප්ලවය ඉදිරියට ගෙන යාමට කාලයයි’ ඔහු පැවසීය.
සැන්ඩර්ස් මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විචේචනය කරන අතර ට්‍රම්ප්ව ඔහු හඳුන්වා ඇත්තේ බොරුකාරයා සහ වර්ගවාදියා යනුවෙනි.
(බිබිසි ඇසුරෙනි)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd