සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" චිත්‍රපටය 16 වැනි සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් නුවර "හැරෝ සෆාරි" සිනමා ශාලාවේදී තිරගත කිරීමට නියමිතය.
ලන්ඩනයේ වෙසෙන කලාකාමී තරුණන් පිරිසකගේ මුලිකත්වයෙන් පිහිටුවා ඇති "අගොරා සංස්කෘතික කවය" මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කර ඇත.
තමන්ගේ අරමුණ වන්නේ අත්හදා බැලීම්, පර්යේෂණ සහ අලුත් මානයන් විවර කිරීම බවත් එහි එක් ප්‍රධාන වැඩසටහනක් ජුලි මස 11 වැනිදා දවස පුරාවටම පැවැත්වෙන බවත් ඔවුන් කියා ඇත. එදින වැඩ සටහනට නාට්‍ය දර්ශන, පොත් ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට,සංස්කෘතික සංදර්ශන,ඡායාරූප ප්‍රදර්ශන, කලා විචාර, සාකච්ඡා සහ කුඩා දරුවන් සඳහා විශේෂිත වැඩසටහන් සුදානම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් දේශයට මඩක් නොවේනම් රන්. (බ)
අපි එනවා බලන්න බොහොම ස්තුති අගෝරා කළා කවයට සහ තිස්සට අපිට දැනුම් දුන්නට ......(කේ)