
යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනයට නතු පළාත් වන ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කිරීම මහා බ්‍රිතාන්‍යයේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී තිබේ.
රුසියානු ජනාධිපති පුටින්ගේ එම ක්‍රියාව දැඩිව හෙලා දකිමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසුවේ, රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පනවන බවය.
''මහා බ්‍රිතාන්‍යය රුසියාවට එරෙහිව ආර්ථික සබදතා පැනැවීමක් කරනවා. රුසියානු සමාගම් රැසකට සම්බාධක පැනැවීමට පියවර ගන්නවා." යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd