
ඔමික්‍රොන් විකෘතියේ උප ප්‍රභේද වන 'බී.ඒ.1' සහ 'බී.ඒ.2' සංයෝජනය වීමෙන් නිර්මාණය වූ තවත් බිහිසුණු 'කොවිඩ් 19' විකෘතියක් ගැන මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ 'එක්ස්.ඊ' යනුවෙනි.
'එක්ස්.ඊ' විකෘතිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා ඇත්තේ, 'ඔමික්‍රෝන්' ද ඇතුළු සියලු 'කොවිඩ් 19' ප්‍රභේදවලට වඩා 'එක්ස්.ඊ' ප්‍රභේදයේ පැතිරීම වේගවත් බවය.
'එක්ස්.ඊ' විකෘතිය ගැන බ්‍රිතාන්‍යසෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවුණු අතර, ඔවුන්ට පළමුවෙන් මෙම 'එක්ස්.ඊ' විකෘතිය හමුවුණු බව පැවැසෙන්නේ පසුගිය ජනවාරි 19 වැනිදාය. අද වනවිට 'එක්ස්.ඊ' ආසාදිතයන් 637 දෙනකු මහා බ්‍රිතාන්‍යයේ නන්දෙසින් වාර්තා වී තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd