බ්‍රිතාන්‍ය යේ ප්‍රථම නිල අජඨාකාශගාමී මේජර් ටිම් පීක් රැගත් යානය සහිත රොකට්ටුව  කසකස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝයුස් අභ්‍යාවකාශ කැප්සුලය මගින්  රුසියානු ජාතික අජඨාකාශගාමි යුරි මිලෙන්චෙන්කෝ, ඇමරිකානු ජාතික අජඨාකාශාගමි ටිම් කොප්රා ද සමගින් මේජර් ටිම් එක්ව ගමන් කරයි.  මෙම අජටාකාශගාමින් තිදෙනා අභාවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් ගත කිරීමට නියමිතය. ටිම් පීක් කලින් යුධ හමුදා ගුවන් නියමු ලෙස සේවය කර තිබේ.

1961 අජඨාකාශයට ගිය පළමු මිනිසා වන යුරි ගගාරින් රැගත් රොකට්ටුව යැවූ ස්ථානයෙන් ම මේ රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීම විශේෂත්වයකි.

සොයුස්  යානය ගුරුත්වා කර්ෂණය ශුන්‍ය ලක්ෂයට ලගාවන්නේ මෙම ගමනේ නමවන මිනිත්තුවේදීය.

පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරණ කාලයේදී විද්‍යාත්මක පර්යේෂණ කීපයක් සහ තරුණයන් විද්‍යාවට නැඹුරුකිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපනික ව්‍යාපෘති කීපයක්ද සිදු කිරීමට නියමිතය.

අභ්‍යවකාශ ගමනට ප්‍රථමයෙන් පීක් තම බිරිඳ රෙබෙකා, සහ වයස අවුරුදු 6 ක් වන වැඩිමහල් පුතු තෝමස් සහ සිව් හැවිරිදි ඔලිවර් සහ පවුලේ හිතවතුන්ට සමුදීමටද  අමතක නොකලේය.

මේ අවස්ථාවේදී  ටිම් ගේ පියාගේ උරහිසේ වාඩි වි සිටිමින් ඔහුගේ බාල පුත් මහ හයියෙන් හඩමින් පවසා ඇත්තේ තමාටද පියා සමග යාමට අවශ්‍ය බවයි.

චිචෙස්ටර් හි උපත ලද ටිම් බ්‍රිතාන්‍යයෙන් ජාත්‍යන්තර  අභ්‍යාකාශ මධ්‍යස්ථානයට යාමේ කණ්ඩායමට එක්වු පළමු පුද්ගලයා වන අතර යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ (ඊසා) හි රැකියාව ලත් පළමු පුද්ගලයා ලෙස ද ඉතිහාස ගතවූයේය.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලඟාවන ටිම් සහ ඔහුගේ සගයන් දෙදෙනා නාසා හි අජටාකාශ ගාමි ස්කොට් කෙලී සමග එක්වෙති. කෙලී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් ගත කරණ අතර ඔහු මෙහිදි වෙද්‍ය පර්යේෂණ වැඩසටහන් වලට එක්වෙයි.

මීට කලින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගමනට එක්වු බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් වු රිචර්ඩ් ගැරියට් සහ මාර්ක්ෂට්ල්වර්ත් ඒ සඳහා එක්වී ඇත්තේ ඇමරිකානු  පුරවැසි භාවය ලබාගැනීමෙන් පසු නාසා ආයතනයෙනි.

අනෙක් බ්‍රිතාන්‍යයේ උපත ලද අජටාකාශ ගාමියා වු මයිකල් ෆෝලේ තම මව මාර්ගයෙන් ඇමරිකානු බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි භාවය ලබා ඇත.

1991 දි සොවියට් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කල  හෙලන් ෂාර්මන් අභ්‍යාවකාශ ගතවු ප්‍රථම බ්‍රිතාන්‍ය  කාන්තාව ලෙස වාර්තා වි තිබේ.

Britain 1 Britain 2 - Copy Britain 3