IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයත් අභ්‍යාවකාශයට මිනිසකු යවයි

බ්‍රිතාන්‍ය යේ ප්‍රථම නිල අජඨාකාශගාමී මේජර් ටිම් පීක් රැගත් යානය සහිත රොකට්ටුව  කසකස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝයුස් අභ්‍යාවකාශ කැප්සුලය මගින්  රුසියානු ජාතික අජඨාකාශගාමි යුරි මිලෙන්චෙන්කෝ, ඇමරිකානු ජාතික අජඨාකාශාගමි ටිම් කොප්රා ද සමගින් මේජර් ටිම් එක්ව ගමන් කරයි.  මෙම අජටාකාශගාමින් තිදෙනා අභාවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් ගත කිරීමට නියමිතය. ටිම් පීක් කලින් යුධ හමුදා ගුවන් නියමු ලෙස සේවය කර තිබේ.

1961 අජඨාකාශයට ගිය පළමු මිනිසා වන යුරි ගගාරින් රැගත් රොකට්ටුව යැවූ ස්ථානයෙන් ම මේ රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීම විශේෂත්වයකි.

සොයුස්  යානය ගුරුත්වා කර්ෂණය ශුන්‍ය ලක්ෂයට ලගාවන්නේ මෙම ගමනේ නමවන මිනිත්තුවේදීය.

පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරණ කාලයේදී විද්‍යාත්මක පර්යේෂණ කීපයක් සහ තරුණයන් විද්‍යාවට නැඹුරුකිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපනික ව්‍යාපෘති කීපයක්ද සිදු කිරීමට නියමිතය.

අභ්‍යවකාශ ගමනට ප්‍රථමයෙන් පීක් තම බිරිඳ රෙබෙකා, සහ වයස අවුරුදු 6 ක් වන වැඩිමහල් පුතු තෝමස් සහ සිව් හැවිරිදි ඔලිවර් සහ පවුලේ හිතවතුන්ට සමුදීමටද  අමතක නොකලේය.

මේ අවස්ථාවේදී  ටිම් ගේ පියාගේ උරහිසේ වාඩි වි සිටිමින් ඔහුගේ බාල පුත් මහ හයියෙන් හඩමින් පවසා ඇත්තේ තමාටද පියා සමග යාමට අවශ්‍ය බවයි.

චිචෙස්ටර් හි උපත ලද ටිම් බ්‍රිතාන්‍යයෙන් ජාත්‍යන්තර  අභ්‍යාකාශ මධ්‍යස්ථානයට යාමේ කණ්ඩායමට එක්වු පළමු පුද්ගලයා වන අතර යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ (ඊසා) හි රැකියාව ලත් පළමු පුද්ගලයා ලෙස ද ඉතිහාස ගතවූයේය.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලඟාවන ටිම් සහ ඔහුගේ සගයන් දෙදෙනා නාසා හි අජටාකාශ ගාමි ස්කොට් කෙලී සමග එක්වෙති. කෙලී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් ගත කරණ අතර ඔහු මෙහිදි වෙද්‍ය පර්යේෂණ වැඩසටහන් වලට එක්වෙයි.

මීට කලින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගමනට එක්වු බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් වු රිචර්ඩ් ගැරියට් සහ මාර්ක්ෂට්ල්වර්ත් ඒ සඳහා එක්වී ඇත්තේ ඇමරිකානු  පුරවැසි භාවය ලබාගැනීමෙන් පසු නාසා ආයතනයෙනි.

අනෙක් බ්‍රිතාන්‍යයේ උපත ලද අජටාකාශ ගාමියා වු මයිකල් ෆෝලේ තම මව මාර්ගයෙන් ඇමරිකානු බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි භාවය ලබා ඇත.

1991 දි සොවියට් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කල  හෙලන් ෂාර්මන් අභ්‍යාවකාශ ගතවු ප්‍රථම බ්‍රිතාන්‍ය  කාන්තාව ලෙස වාර්තා වි තිබේ.

Britain 1 Britain 2 - Copy Britain 3



අදහස් (0)

බ්‍රිතාන්‍යයත් අභ්‍යාවකාශයට මිනිසකු යවයි

ප්‍රියංකර Thursday, 17 December 2015 09:59 AM

අනේ සිංහල අපිවත් එක්කරගන යමල්ලකෝ, අපට කියල රටක් නැති කොට අභ්‍යාවකාශයට යන්න තියනවනම්.......??? (බ)

:       0       0

සාමා මොර්ඩන් Thursday, 17 December 2015 10:17 AM

කමල් අපි මොනවද කරන්නේ, ලංකාවේ ඔය ටික කරන්න හදන කාලේ එයට විරුද්ධව කොපමණ අවලාද නැගුවද ? (ර)

:       0       0

විශ්ව Wednesday, 16 December 2015 06:19 PM

මිනිස්සු තාමත් හිතාගෙන ඉන්නේ පෘථිවිය ගෝලාකාරයි කියලා වුණත් කරුණාකර "යූටියුබ් ප්ලැට් අර්ත් (youtube flat earth)" බලන්න. (නි)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 15 December 2015 06:50 PM

අපේ රටෙත් මෙවැනි රොකට්ටු සහ කෘතීම චන්ද්‍රිකා යැවිමට, කලින් රජයේ සැළසුමක් තිබුනත් රජය වෙනස්වීම නිසා අපේ ඒ සියල්ල බලාපොරොත්තු විනාශවුණා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 16 December 2015 10:20 AM

අපේ රෝහිත පුතා හැදුවෙත් ඔය දෙයම කරන්න , එහෙත් අවාසනාවට ඒවා ඔක්කොම දුවිලි වෙලා ගියා (ම)

:       0       0

ලලිත් Wednesday, 16 December 2015 12:22 AM

මට නම් පෙනෙන්නේ බ්‍රිතාන්‍ය මිනිසෙකු අභ්‍යවකාශයට යවලා නෙමෙයි, රුසියන්කාරයෝ බ්‍රිතාන්‍ය මිනිසකු අභ්‍යවකාශයට එක්කගෙන ගිහිල්ලා වගෙයි. (නි)

:       0       0

කමල් Thursday, 17 December 2015 01:44 AM

අපිත් මෙහෙම මොනවාහරි කරමුකෝ (නි)

:       0       0

ලකී Wednesday, 16 December 2015 10:53 AM

සතපහකට වැඩක් නැති හිස් මිනිසුන් ගැන කතා නොකර මේ වීර අජටාකාෂගාමින්ට සුබ පතමු.සුබ ගමන් ඔබ සැමට !! (බ)

:       0       0

ගජේන්ද්‍ර Thursday, 17 December 2015 07:45 PM

මේ තමයි ලෝකය තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ආකාරය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 515 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site