බොක්සිං දිනය හෙවත් නත්තල් දිනට පසුදින බ්‍රිතාන්‍යයේ ගං වතුර තත්ත්වයක් ඇතිවේයැයි බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇගවීම් 100ට වැඩි ප්‍ර‍මාණයක් නිකුත් කැර ඇත.

ඊවා නමැති සුළි කුණාටුව හේතුවෙන් මේ අනතුරු ඇගවීම් නිකුත් කරන ලදී. දැනට පැයට කිලෝ මීටර 75ක පමණ වේගයෙන් සුළං හටගෙන ඇති කුණාටු තත්ත්වය ඉදිරියේ දි තවදුරටත් වැඩිදියුණු විය හැකි බවත් පවසන කාලගුණ විද්‍යා අංශ එංගලන්තයේ ගං වතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ද පවසයි. ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් ඇතුළු අනතුරු ඇගවිම් 45ක් එංගලන්තයටත්, වේල්සයට අනතුරු ඇගවිම් 27ක් හා ස්කොට්ලන්තයට අනතුරු ඇගවීම් 32ක් නිකුත් කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය කාලගුණ ඒකකය පවසන්නේ දෙසැම්බර් 26 දින බ්‍රිතාන්‍යයට මිලි මීටර 150ක් හෝ ඊට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

2F98F6C300000578-3372993-image-m-6_1450963427029 2F98F69300000578-3372993-image-m-3_1450963331555 2F990F3800000578-3372993-image-m-22_1450963909283