කුණාටු තත්ත්වයක් සමග මහ වැසි සහිත සති අන්තයක් උදාවේ යැයි බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අගවා ඇතැයි විදෙස් මාද්‍ය වාර්තා කරයි.
වඩාත් විමසිලිමත් විමේ කහ නිවේදනය ස්කොට්ලන්තයට, උතුරු අයර්ලන්තයට සහ උතුරු හා මධ්‍යම එංගලන්තයට දැනටමත් නිකුත් කැර ඇත.
වයඹ දිග පෙදෙසට පැයට සැතපුම් 70ත් 80ත් අතර වේගයෙන් සුළං හමායන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ස්කොට්ලන්තයේ අධික හිම පතනයක් සිදුව ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. හිම වැටී ඇති ඇතැම් ස්ථානයන්හි එරීයාම් සිදුවන බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනි නිවන සේවා පෙන්වා දෙන්නේ සමහර වාහන හිම පතිත ප්‍රදේශවල එරීයාම හේතුවෙන් මාර්ග වල ගමනාගමනයට බාධා පැමිනීම හේතුවෙන් තමනට හදිසි ඇමතුම් සඳහාද ගමන් කිරීමට නොහැකි වී ඇති බවයි. එක් සිද්ධියකදී එක් ගිනිනිවිමේ රථයක් මොටර් රථ ගණනාවක් සමග ගැටී ගෝර්බ්‍රිජ් මිඩ්ලෝතියන් හිදී අනතුරක් සිදුවී තිබේ. මෙයින් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැත.
එක්සත් රාජධානියේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් ඇතිව තිබිම නිසා සමහර මාර්ග වසා දමා තිබේ.
පාරිසරික ඒජන්සිය පවසන්නේ සෙවර්න්,අස්ක්, සහ වේ යන ගංගා වඩාත්ම අනතුරු දායක ලෙස දෙගොඩතලා යා හැකි බවයි. මෙම ප්‍රදේශවල ජනතාවට අවදියෙන් සිටින ලෙස සහ ගංවතුරට මුහුන දීමට සුදානම් වන්න යැයි අවවාද 89 ක් නිකුත් කර තිබේ.කෙසේ වෙතත් දකුණු දිග බ්‍රිතාන්‍ය පුරා වියලි කාලගුණයක් තවමත් පවතින බව වාර්තාවේ. එහි හිරු තදින්ම පායා තිබු බවද කාළගුණ අංශ පවසයි.
බ්‍රිතාන්‍යයේ පොලීසිය පවසන්නේ අදාල පාර්ශවයන් සමග සම්බන්ධ වෙමින් මෙම තත්වය ගැන මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතියේ, පරෙස්සමට හොඳේ! (නි)
මෙහෙට විතරක් නොවෙයි හැමතැනම මහා වැසි. ඉන්දියාවේම කී දෙනෙක් මරණයට පත්වෙලාද? අවධානයෙන් හිටියාට මෙවැනි විපත් වලින් බේරී ඉන්න පුලුවන්ද? (නි)
පිටබැද්දර ජයා, රූපවතී ඉන්නේ එංගලන්තයේ නොවෙයි. එයා ඉන්නේ බ්‍රිතාන්‍ය යුද බේස් එකකලුනේ. ඇයි එංගලන්තයේ ඉන්න අනෙකුත් අයට සුනාමි ආවත් කමක් නැද්ද? එක්කෙනෙකුට විතරක් පරිස්සම් වෙන්න කියන්නේ ඇයි? මම නම් පතන්නේ සියලු දෙනාම සුවපත් වේවා කියලයි. (නි)
හිමායා, කලින් දැනගත්තම ඒවාට සුදානම් වෙන්න පුළුවන්. ලංකාවේ මේවා දැනගන්නේ වුණාට පස්සේ. රේඩාර් පද්ධතියක් තිබෙනවා නම් මේවා කලින් දැනගන්න පුළුවන්. (නි)
උත්සව සමය නිසා බොහෝ දෙනා ඉන්නේ එළිපෙහෙලියේ. අවදානයෙන් ඉන්න එක හොඳයි. (ර)