විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.
උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය.
බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන 6ට පමණ කේට් කුමරිය ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර කිසිදු සංකූලතාවක් නොමැතිව උපත සිදු වූ බව කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.
උපත ලැබූ දරුවා ඔටුන්නේ පස්වැනි හිමිකරුවා වන අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා ද වේ. ඔහු ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ බාල සොහොයුරුද වන්නේය.
ඬේලිමේල් ඇසුරිනි
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ශ්‍රී! බැරිද එක් කෙනෙක් ලංකාවේ රජ කොරවන්න.
රජවරුත් ලෝකය ලස්සන කරනවා.
අලුත උපන් මේ කුමරුවාගේ නම රාජකීය පව්ලේ සාම්ප්‍රදායික චාරිත්ත්‍රයට අනුව ආර්තර් ද, ඇල්බට් ද,ජේම්ස් ද, පිලිප් ද, නැත්නම් හෙන්රි ද? බලමු.
එච්චර කාලයක් බ්‍රිතාන්‍යයේ රජ කිරුළක් තියේවිද කියන එක තමයි ප්‍රශ්නේ?