බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවටිව් පක්ෂයේ නායකයා සහ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැයි ලබන මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂය අද (25) නිවේදනය කළේය.
හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් මීළඟ අගමැතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ එරට සිටින ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන ජෙරම් හන්ට්ය.
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයේ නායකයා එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන අතර දැනට එම පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන තෙරේසා මේ තමන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දිනෙක ප්‍රකාශ කළාය.
කොන්සවටිව් පක්ෂ නායකත්වය සඳහා එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 313 දෙනාගෙන් දස දෙනකු ඉදිරිපත් වූ අතර අවසානයේදී එය දෙදෙනකුගේ සටනක් බවට පත්විය. මේ අනුව බොරිස් ජොන්සන් සහ ජෙරම් හන්ට් යන දෙදෙනාගෙන් එක් අයකු පක්ෂ නායකත්වය සඳහා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ සාමාජිකයන් 160,000 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ඡන්ද විමසීම ජූලි 6 සහ 8 යන දින දෙක තුළදී පැවැත්වෙන අතර ජූලි 22 වැනිදා එම ක්‍රියාවලිය අවසන් වීමට නියමිතය.
“කොන්සවටිව් පක්ෂයේ නායකයා මීළඟ නායකයා කවුදැයි ජූලි 23 වැනිදා නිවේදනය කරනවා. අපේක්ෂකයන් දෙදෙනාම ඊට කැමැත්ත පළ කර තිබෙනවා” යැයි කොන්සවටිව් පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
කොන්සවටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ අග්‍රාමාත්‍යවරයා කවුදැයි නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව තෙරේසා මේ දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැ දැක සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය. ඉන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා බකිංහැම් මාලිගයට යෑමට නියමිතය.
ඒ.එෆ්.පී ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd