දශකයකට පසුව  බ්‍රිතාන්‍යය ගුවන් සමාගම පකිස්තානයට සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2019 වසරේ ජුනි 2 වැනි දා සිට බ්‍රිතාන්‍යය - පකිස්තාන සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව එහි දැක්වේ.

සෑම සතියේම රටවල් දෙකේ අගනුවර අතර ගුවන් ගමන් වාර තුනකින් මෙම සේවාව නැවත ආරම්භ වේ.

බ්‍රිතාන්‍යය ගුවන් සමාගමේ ආසියා පැසිෆික් සහ මැදපෙරදිග වෙළඳ ප්‍රධානී රොබට් විලියම්ස් මහතා ඊයේ (18) ඉස්ලාමාබාද් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ කීය.

 

අල් ජසීරා ඇසුරෙනි

(28535)