බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලයට සූදානම් වෙනවා වෙනුවට වාද විවාද කරමින් සිටින බවට එරට ව්‍යාපාරිකයන්ගෙන් දේශපාලනඥයන්ට චෝදනා එල්ල වී ඇත.
ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදු වුවහොත් ඊට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නැති බවත් දේශපාලනඥයන් මේ කිසිවක් තැකීමක් නොකර වාද විවාද කරමින් සිටින බවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ චෝදනා කරති.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තවත් ඇත්තේ දින 100ක් පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දේශපාලනඥයන් කලකෝලහල කරමින් සිටින බවත් ව්‍යාපාරිකයන්ට සිදුව ඇත්තේ ඒ දෙස බලා සිටීම පමණක් යැයි ද ඔවුහු පවසති.
ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා සැලසුම් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා රැස්විය. ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් වීම කළමනාකරණය කරගත හැකි යැයි කියන ප්‍රකාශ විශ්වාස නැතැයි ව්‍යාපාරික ප්‍රජාව පවසති.
බ්‍රිතාන්‍ය වාණිජ මණ්ඩලය, බ්‍රිතාන්‍ය කර්මාන්ත සම්මේලනය, කුඩා ව්‍යාපර සහ අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එලෙස දේශපාලනඥයන්ට චෝදනා එල්ල කර තිබේ.
ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට ගත යුතු ප්‍රායෝගික පියවර මොනවාදැයි පිළිබඳ අවධානය යොමු කරනවා වෙනුවට දේශපාලනඥයන් ඔවුනොවුන්ගේ ආරවුල්වල පැටළී ඇතැයි ද ව්‍යාපාරික ප්‍රජාව ඒ දෙස බලා සිටින්නේ යැයි ද එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.
පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව ප්‍රගතියක් පෙන්නුම් නොකිරීම ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අවදානම වැඩි කරන බව ද බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වාදෙති.
(055)
ලන්ඩන්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටේ ප්‍රශ්න විසදගන්න බෑ.අනිත් රටවල්වලට ඇඟිලි ගහන්න එන්නේ ඒත්.