බ්‍රිතාන්‍ය රජය එරට කොරෝනා ආසාදිතයින්ට  එළඹෙන අගහරුවාදා සිට එන්නත් ලබාදීම ආරම්භ කරයි.

අමරිකාවේ ෆයිසර් ආයතනය සහ ජර්මනියේ බයෝඑන්ටෙක් ආයතන එක්ව එම එන්නත නිෂ්පාදනය කර ඇත.

එම එන්නතේ මාත්‍රා බෙල්ජියමෙන් ලබාගෙන ගුණාත්මකභාවය සුරැකෙන ලෙස ආරක්ෂිත ස්ථානවල ගබඩා කර තිබේ.

සෙල්සියස් අංශක 70 ක අවම උෂ්ණත්වයකදී ඒවා ගබඩා කිරීමට පහසුකම් ඇති එංගලන්තයේ රෝහල් 50 කට මෙම එන්නත මුල් අවස්ථාවේ ලබා දීමට කටයුතු කරයි.

සුරක්ෂිත නිවාසවල සේවකයින්ට, වයස අවුරුදු 80 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ මුල් පෙළ සෞඛ්‍ය සේවකයින්ට මුල් අදියරයේදී එන්නත ලබා දෙනු ලැබේ.

එන්නත අත්‍යවශ්‍ය පුද්ගලයින්ට එය ලබාදීමට දැඩි උත්සාහයක් ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

රෝහල්වල පිහිටුවා ඇති එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානවලට හෙට දිනයේ එන්නත ලැබෙනු ඇත.

-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)