බ්‍රිතාන්‍ය රජය එරට කොරෝනා ආසාදිතයින්ට එළඹෙන අගහරුවාදා සිට එන්නත් ලබාදීම ආරම්භ කරයි.
අමරිකාවේ ෆයිසර් ආයතනය සහ ජර්මනියේ බයෝඑන්ටෙක් ආයතන එක්ව එම එන්නත නිෂ්පාදනය කර ඇත.
එම එන්නතේ මාත්‍රා බෙල්ජියමෙන් ලබාගෙන ගුණාත්මකභාවය සුරැකෙන ලෙස ආරක්ෂිත ස්ථානවල ගබඩා කර තිබේ.
සෙල්සියස් අංශක 70 ක අවම උෂ්ණත්වයකදී ඒවා ගබඩා කිරීමට පහසුකම් ඇති එංගලන්තයේ රෝහල් 50 කට මෙම එන්නත මුල් අවස්ථාවේ ලබා දීමට කටයුතු කරයි.
සුරක්ෂිත නිවාසවල සේවකයින්ට, වයස අවුරුදු 80 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ මුල් පෙළ සෞඛ්‍ය සේවකයින්ට මුල් අදියරයේදී එන්නත ලබා දෙනු ලැබේ.
එන්නත අත්‍යවශ්‍ය පුද්ගලයින්ට එය ලබාදීමට දැඩි උත්සාහයක් ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
රෝහල්වල පිහිටුවා ඇති එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානවලට හෙට දිනයේ එන්නත ලැබෙනු ඇත.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ට ලබන අගහරුවාදා සිට එන්නත්
banda Sunday, 06 December 2020 10:09 AM
ලංකාවේ අපිට බණ්ඩාර කපුවා මහත්තයාගේ පැණි බෝතලේ කවදා ලැබේවිද?