බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු මෙහෙයුම් ඊයේ (28) අවසන් කළේය. අවසන් පැය 24 ක කාලයේ බ්‍රිතාන්‍ය හමුදා ඔවුන්ගේ ගුවන් යානා භාවිතයට ගනිමින් බ්‍රිතාන්‍ය වැසියන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් දෙදහසකට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් රැගෙන ගිය බව පැවැසෙයි.
එසේ රැගෙන ගිය එක් ඇෆ්ගන් ජාතික ගැබිනි කාන්තාවක ගුවන් යානය තුළ දී දරු ප්‍රසූතිය කළ බවත්, බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන්ගේ සහාය ඇයට ලැබුණු බවත් විදෙස් වාර්තා පවසා තිබේ. එම කාන්තාවත් බිලිඳාත් සුවෙන් සිටින බව ද පැවැසෙයි.
පසුගිය 26 වැනිදා කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වුණු මරාගෙන මැරෙන අයි.එස්. ප්‍රහාරයෙන් මියගිය 170 දෙනා අතර බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් කීප දෙනකු පවා සිටින බව පැවැසෙයි. ඔවුන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ 'බැරන්' හෝටලයේ තාවකාලිකව රැදී සිටියේ සති අන්තයේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමේ අපේක්ෂාවෙනි.
ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ රාජකාරි කළ බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් කීප දෙනකු සහ ව්‍යාපාරිකයන් කීප දෙනකු ද 'බැරන්' හෝටලය ඉදිරිපිට පුපුරා ගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වුණු බව බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර ඇමෙරිකන් හමුදා ඔවුන්ගේ මෙහෙයුම් සියල්ල අවසන් කර කාබුල්වලින් පිටවී යෑමට නියමිතව ඇත්තේ ලබන 31 වැනිදාය. දිනයේය. 31 වැනිදා වනවිට සියලු මෙහෙයුම් අවසන් කරන බවත්, එය කිසිසේත් ප්‍රමාද නොකරන බවත් ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කරයි
Anura Sunday, 29 August 2021 01:25 PM
මේ අය ගිය තැන ඉවරයි
Lelwala Monday, 30 August 2021 07:38 AM
ලොව සුපිරි බලවතුන් කිසිදු වෙඩි තැබීමකින් තොරව පලා යයි.