බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා අධ්‍යයන ආයතනයක් වන රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලය ඉදිරි වසර සඳහා ඊශ්‍රායල සිසුන් ඇතුළත් කර ගැනීම නැවැත්වීමට තීරණය කර ඇත.

ඒ, ගාසා තීරයේ පවතින යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයට අප්‍රසාදය පළ කිරීමක් වශයෙනි. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ ඔවුන්ගේ පාඨමාලා ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූල වීම ගැන අවධානය යොමුකරන බවය.