ප්‍රංශයේ උතුරු දිග නෝමැන්ඩි වලට නුදුරින් මුහුදු තීරයේදී ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ධීවරයන් අතර දරුණු ගැටුමක් හටගෙන ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුමක උත්සන්න වීමක් බවයි.
ධීවර බෝට්ටු විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර දුම් බෝම්බ හා රොකට් ප්‍රහාර බ්‍රිතාන්‍ය බෝට්ටු වෙත එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය ධීවරයන්ට අයත් බෝට්ටු 5ක් සහ ප්‍රංශ බෝට්ටු 35ක් අතර මෙම ගැටුම් හටගෙන ඇතැයි පැවසේ.
මුහුදු සීමාව සම්බන්ධ ප්‍රශ්නයක් ගැටුමට මුල්වී ඇයි මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වුවද බ්‍රිතාන්‍ය පවසන්නේ ඔවුන් නීත්‍යාණුකූලව ධීවර කටයුතු වල යෙදුනු බවයි.
මේ වන විට ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය රජයන් මෙම ගැටුම් සමතයකට පත් කිරීම සම්බන්ධව සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.
(සීඑන්එන් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙච්චර කාලයක් හිතන් හිටියේ මේ ප්‍රශ්න තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල පමණක් කියලා, එහෙනම් සාමය සහ සහජීවනය ගැන ගුරුහුරුකම් දෙන එංගලන්තය සහ ප්‍රංශයේත් මෙම ප්‍රශ්නේ තිබෙනවා
හරි පුදුමයි ! අපිට කියන අන්තර් ජාතීන් කියා ගන්නා අය අතරත් මේ වගේ දේවල් වීම.
මානව හිමිකම්, සංහිඳියාව ගැන පොර ටෝක්දෙන පොරවල්වලටත් මෙහෙම ප්‍රශ්න තියෙනවා..
මේ රටවල් දෙකම මුළු ලෝකයම දෙකට බෙදාගෙන සූරා කෑවා වසර 300ක් විතර, ඉතාම අමානුෂික විදියට, නමුත් දැන් මේ අයගේ අති බහුතරය ඉස්සරට වඩා හුඟක් හොඳයි විශේෂයෙන්ම ප්‍රායෝගිකව මොවුන් හොඳ බෞද්ධයින් බව කියන්න ඕනෑ ..