දෙවන ලෝක යුද සමයේදී ප‍්‍රංශයේ කෝර්සිකාව අසල මුහුදු තීරයේ ගිලී ගිය බි‍්‍රතාන්‍යය යුද සබ්මැරීනයක් වසර 72 කට පසු පසුගියදා සොයාගැනීමට ඉතාලි හා ප‍්‍රංශ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත්වූහ.
පුරාවිද්‍යා කණ්ඩායම වසර දෙකක් පුරා සබ්මැරීනය සෙවීමේ නිරතව සිටියහ. අවසන ඔවුන්ට එය හමුවූයේ මුහුදේ අඩි 1000 ක් පමණ ගැඹුරේ තිබියදීය.
ඉතිහාසයේ දැක්වෙන පරිදි සැක්රසෙන් නමින් හැදින්වෙන මෙම සබ්මැරීනය එහි සේවය කළ නැවියන් පිරිසම මැදිහත්ව ගිල්වා දමා තිබෙන්නකි. එයට හේතුව ලෙස සඳහන් වන්නේ ඉතාලි වෙරළ ආසන්නයේ මුහුදේ ගිල්වා තිබූ බෝම්බ වලට හසුව එයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
1943 අගෝස්තු 14දා වැනි සෙනසුරාදා දිනයේ සබ්මැරීනය ගිල්වා දමා තිබෙන අතර එහි සේවය කළ නාවික පිරිසෙන් දෙදෙනෙක් නිසි කල්හි එයින් පිටවී ගත නොහැකිව එයත් සමගම මිහිදන් වී ඇත.අනෙක් නාවිකයෝ ඉතාලි ආරක්ෂක අංශ අතට පත්ව තිබෙන අතර වැඩිකල් ගතවීමට මත්තෙන් ඉතාලිය පරාජය භාර ගැනීම නිසා ඔවුන් නිදහස ලබා තිබේ.
සැක්රසෙන් එහි සේවා සමයේ ඉතාලි හා ජර්මන් සබ්මැරීන හා යුද නෞකා වලට බිය ගෙන දුන් බව කියවේ. අවසානය දක්වාම එහි සේවය කිරීමට සබ්මැරීනයේ නියමුවා වූ ලූතිනන් මයිකල් ලූම්බි කටයුතු කර ඇත්තේ ඒ නිසා වේ. සබ්මැරීනය විනාශ කර දැමීමට සිකුරාදා දිනය තෝරාගෙන සිටියද එය මාසයේ 13 වැනි සිකුරාදා දිනය වීම නිසාවෙන් 14 වැනි සෙනසුරාදා දිනය වන තෙක් ඉවසා සිටින්නැයි ඔහු තම නැවියන් පිරිසට උපදෙස් දී තිබීම ද සැක්රසෙන් වටා ගෙතී තිබෙන තවත් රසවත් කතාවකි. මාසයේ 13 වැනි දිනය ලෙස සිකුරාදා දිනයක් යෙදෙන්නේ නම් එදින ඉතා අශුභ දිනයක් ලෙස බටහිර ජාතිකයන් සැළකීම මෙයට හේතුවයි.
![29DEDD7300000578-3135037-image-m-29_1435001559284[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29DEDD7300000578-3135037-image-m-29_14350015592841.jpg)
![29DEDD7800000578-3135037-image-a-30_1435001580313[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29DEDD7800000578-3135037-image-a-30_14350015803131.jpg)
![29DEDD8200000578-3135037-image-a-31_1435001584603[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29DEDD8200000578-3135037-image-a-31_14350015846031.jpg)
![29DF4DBD00000578-3135037-image-a-40_1435003778712[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29DF4DBD00000578-3135037-image-a-40_14350037787121.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd