බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ ලාස්වේගාස් ගුවන් තොටුපලේදී මගීන් 172 ක් සමග ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරට ලක්වී ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.
ගුවන්තොටුපළ බලධාරීන් පවසනුයේ අඩුම වශයෙන් මගීන් 13 ක් පමණ සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා ඇකඩමියේ පාලනාධිකාරියේ ප්‍රකාශකයකු වන ඉයන් ග්‍රෙගර් පැවසූයේ ගුවන් යානයේ වම් පස එන්ජිම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි.
ගින්න හේතුවෙන් හටගත් අධික දුමාරයෙන් ගුවන් යානය වැසී ගිය බවත් පසුව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් වාර්තාවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙනවා මේ වෙන දේවල් දකිද්දී ලෝකේ තිබෙන ආරක්ෂිතම වාහනය පාපැදිය කියලා (නි)
අනේ දෙයියනේ කිසි දිනක ඔය වගේ වෙන්න එපා (අ)
ඇති ඔයින් ගියා... (නි)
එහෙනම් රූපවතී ඉන්න රටේ ඉඳලා ඔබ ඔය කියන ආරක්ෂිතම වාහනය, ඒ කියන්නේ පාපැදියෙන් එන්නකෝ බලන්න ලංකාවට (නි)
විදේශ සේවය කියන්නෙත් බරපතල වැඩ සහිතව හිරේ දැම්ම වගේ මව් බිමට එන තුරු බයේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා (අ)
කාටවත් කරදරයක් නොවුණා නම් ඒ ඇති (නි)
හොඳ වෙලාවට බිම තියෙද්දී ගිනිගත්තේ. (නි)
නුවන් බෞද්ධයෙක් නම් බුදු වචනයෙහි හොඳින් සිත පිහිටවන්න. කිසිදා සතුරු කරදර ඔබ වෙත නොඑනු ඇත. (නි)
එත් ලෝකයේ තියෙන ආරක්ෂාකාරිම ප්‍රවාහන ක්‍රමය ගුවන්යානයි. (ම)