
මහා බ්‍රිතාන්‍යයේ, මැන්චෙස්ටර් නුවරට උතුරු දෙසින්, පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් ඉදිරිපිට රැස්ව සිටි යුදෙව්වන් පිරිසක් මැදට මෝටර් රියක් කඩා වැදුණි. මෝටර් රියට යට වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එය යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් සිතාමතා කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පොලිසිය පවසයි. මෝටර් රථය පැදවූයේ 35 හැවිරිදි ජිහාද් අල් ෂහීම් නමැති මුස්ලිම් තරුණයා බවත් පැවැසෙයි. ඔහු සිරියාවේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා ගත් අයෙකි.
ආගමික මධ්‍යස්ථානය ඉදිරිපිට සිටි පිරිස යටකර දමා මෝටර් රියෙන් බැසගත්, අල් ෂහීම්, එහි සිටි තවත් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගෙන ඇත.
සැණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් අල් ෂහීම් මියගියේය. මෝටර් රථයට යටවීමෙන් තවත් සිවු දෙනකු තුවාල ලැබූ බවත්, ඔවුන් රෝහල්ගත කළ බවත් වාර්තා වේ. පිහි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ තවත් පස් දෙනකු ද රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ට රෙදි නැතිව කඩේ යන ලංකා හිට්ලර් පුත්තු මේවා අහල සතුටු වෙනවා ඇති.