
පාර්ලිමේන්තුවේ සිටිද්දී සිය ජංගම දුරකතනය ඔස්සේ 'අසැබි' දසුන් නැරැඹුවේ යැයි චෝදනා එල්ල වූ 'කොන්සවර්ටිව්' පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඔහුට පාර්ලිමේන්තුව තහනම් කළ බවත් 'කොන්සවර්ටිව්' පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන්නේ 'කොන්සවර්ටිව්' පක්ෂයයි.
65 හැවිරිදි නීල් පැරිෂ් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'කොන්සවර්ටිව්' පක්ෂ නායකයා මෙන්ම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන බොරිස් ජොන්සන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ඔහු අසැබි දසුන් නැරැඹීම වරදක් බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd