බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස් (41) ඇගේ ඡන්ද කොට්ඨාසයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය බව එරට වාර්තා පවසයි.
බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරිය බර්ස්ටෝල් හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර තියුණු ආයුධ වලින් කපා කොටා ඇති බවද කියති.
ප්‍රහාරයට සම්බන්ධ 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට පත්ව ඇති අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධ කාරණයක් හේතුවෙන් ඇයට එරෙහිව සිටි අයකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම ප්‍රහාරය එල්ලකළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති 53 හැවිරිදි ටොමි මයර් නැමැත්තා එම අවස්ථාවේදී " බ්‍රිතාන්‍යට මුල්තැන " යනුවෙන් හඬ නගා කෑගසනු ඇසුණු බවත් බිම වැටි සිටි ඇයට පාපහර කිහිපයක් එල්ල කළ බවත් සිද්ධිය දුටුවන් පොලිසියට පවසා ඇත.
"බ්‍රිතාන්‍යට මුල්තැන" යනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින් කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ප්‍රහාරය පිළිබඳ ආරංචිය ප්‍රසිද්ධියට පත්වූ සැණින් එම සංවිධානය ඒ සඳහා ඔවුනගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවට නිවේදනයක් නිකුත් කළේය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද පිළිබඳව විමසා බලන ජනමත ව්චාරණයක් මෙම 23 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ ජාතිමාමක යැයි කියාගන්නා පිරිස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිති. ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට ප්‍රචාරයක් ගෙනගිය අයෙකි. එම නිසා මෙම ප්‍රහාරය සහ ඇයගේ මෙම ස්ථාවරය අතර සම්බන්ධතාවයක් ඇත්දැයි පොලිසිය සොයා බලන බවටද ආරංචිවී ඇත.
බටහිර යෝක්ෂයර් නඟරයේ බැට්ලි ඇන්ඩ් ස්පෙන් ආසනයේ මන්ත්‍රීවරිය ලෙස ජෝ කොක්ස් 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමිනි. කම්කරු පක් ෂය තුළ බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබුණු තරුණ මන්ත්‍රීවරියක වූ ඇය අනපේක් ෂිත ලෙස ඝාතනය කරනු ලැබීම පිළිබඳව බ්‍රිතාන්‍යය පුරාම දැඩි කනගාටුවක් පැතිර ගිය බවද වාර්තා විය.
ලොව සුපතල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි දාරිනියක වූ ජෝ කොක්ස් දෙදරු මවකි. ඇයගේ සමියාවන බ්‍රෙන්ඩන් කොක්ස් කියා ඇත්තේ ඇයගේ අකල් වියෝව නිසා තමාත් දරුවන් දෙදෙනාත් අතිශයින් කම්පාවට පත්ව ඉන්නා බවය. " මෙවන් විපටක් සිදු කිරීමට හෙතුභුතවූ අතිශයින් අවාසනාවන්ත නිෂ්ප්‍රයෝජන ආකල්පයන් සියලුම දෙනාගේ මනස් තුළින් ඉවත්කිරීම සඳහා හැකි හැමදෙයක්ම සිදුකිරීමට උත්සාහ ගන්නා බවද ඔහු පවසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ගේ වැඩක් තමයි.(හේ)
මිනීමැරීම හොඳ දෙයක් නොවෙයි. නමුත් ලිබ්රල්ස් එංගලන්තය විනාශ කරනවා. ඔවුන්ගේ මතවාද නිසා අද එංගලන්තේ මිනිසුන්ට වහල්ලු වශයෙන් ඉන්න වෙලා තියෙන්නේ. මෙය මිනිසුන්ගේ විරෝධත්වයේ ප්‍රතිඵලයක් (නි)
ඉස්සරහින් පස්සෙන් පෙරගමන් රථ සහිතව පාරේ ඉන්න මිනිස්සුත් යටකරගෙන යන්නේ නැතුව පාගමනින් ගිය නිසා තමයි ඇයට මේ දෙය සිදුවුණේ (නි)
එංගලන්තෙත් එහෙම වෙනවා එහෙනම්. (ර)