රහස් සමාගම් හරහා විශාල වශයෙන් බදු වංචා සිදුකිරීම වළක්වාගැනීමට ක්‍රියාකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පැනමා දත්ත පිට කළ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව හමුවූහ.පැනමා දත්ක වාර්තාව පිළිබද සොයාබැලීමට ජූනි මාසයේදී කොමිසමක් පත් කළ අතර එම කොමිසමේ පළමු සාකච්ඡාව ලෙස මෙය පැවැත්විණී.
එහීදී මාධ්‍යවේදිහු තම තමන්ගේ අත්දැකීම් සහ අදහස් එම කමිටුවට ඉදිරිපත් කළහ.මෙම සාකච්ඡාවට පැනමා දත්ත මුලින්ම ලබාදුන් මාධ්‍යවේදීහූ ද වීඩියෝ ඇමතුමක් ඔස්සේ සහභාගී වුහ.
තමන් කළ සොයාගැනීමට මෙවන් පාර්ලිමේන්තු කොමිසම් හරහා වටිනාකමක් ලැබෙන බවත් ඊට ලැබෙන ජනතා ප්‍රතිචාරය සතුටුදායක බවත් එම එකමුතුවේ අධ්‍යක්ෂ ගෙරාඩ් රයිල් පැවසීය.යුරෝපයේ බදු වංචාකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ඔකේ අනිත් පැත්ත කලේ පහුගිය කාලේ. (ර)
බ්‍රිතානයේ මාධ්‍යවේදීන්ටත් රජයෙන් නොමිලයේ පරිගණක, වාහන තීරුබදු සහන, නොමිලයේ යතුරු පැදි එහෙම දෙනවද දන්නේ නැහැ (නි)