IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කැමරන්ගේ පක්ෂයට ජය

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සවර්ටිව් පක්ෂයට තියුණු ජයක් හිමිවිය.

එරට පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විතය. බහුතර බලය හිමි කර ගැනීමට ආසන 326 කට වඩා වැඩි  ප්‍රමාණයක් හිමිකර ගත යුතුව තිබිණි.

  කැමරන්ගේ කොන්සවේටිව් පක්ෂය ආසන 331 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 50 කි. ඒ අනුව   මෙවර කැමරන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව හිමිවිය.

    මිලිබෑන්ඩ්ගේ ලේබර් (කම්කරු) පක්ෂය දිනා ගත්තේ ආසන 232 කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 35 කි. 2010 දී කම්කරු පක්ෂය ආසන 256 ක් හිමිකර ගත්තේය. එම මැතිවරණයේදී කොන්සවේටිව් පක්ෂය හිමි කර ගැනීමට සමත් වූයේ ආසන 302 කි.

මෙවර මැතිවරණයේ දී තෙවැනි බලවේගය වූයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයයි. එය ආසන 56 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් ලෙස එය සියයට නවයකි.

පසුගිය පස් වසරේ බ්‍රිතාන්‍යයේ පැවැතියේ සභාග රජයකි. ඒ 2010 පැවැති මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවීම නිසාය. රජය පිහිටවූයේ කොන්සවර්ටිව් සහ ලිබරල් ඩිමොක්‍රටික් යන පක්ෂ එක් වීමෙනි. කොන්සවර්ටිව් නායක කැමරන්ට අගමැතිකම හිමිවිය. ලිබරල් ඩිමොක්‍රටික් නායක නික් ක්ලෙග්ට උප අගමැතිකම හිමිවිය.  

ලන්ඩනයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කැමරන්ගේ පක්ෂයට ජය

පිටබැද්දර ජයා Saturday, 09 May 2015 01:50 AM

එහෙත් කොමසාරිස් කීවද දන්නේ නැහැ අවම බලය නෙවෙයි අවශ්‍ය බලය පාවිච්චි කරනවා කියලා,(හේ)

:       0       0

ගමගේ Saturday, 09 May 2015 11:58 AM

කැමරන් මහත්තයෝ, 2013 ලංකාවට ඇවිල්ල තමුන්නැහේ පෙන්නපු උජාරුව නිසා මම චියර්ස් කියන එක නවත්තල ඕන් එහෙනම් ගත්ත කියල සව් දිය පුරන්නත් පුරුදුවුනානේ. දැන් ඉතින් මගේ ක්‍රමේට සව් දිය පුරලා සුබ පතනවා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site