බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන ගුවන් පියාසැරි 2015 මාර්තු මස 28 වැනිදා සිට අත්හිටුවන බව නිවේදනය කර ඇත.
එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන පියාසැරියන්ගෙන් අපේක්ෂිත මට්ටමේ ලාභයක් උපයාගත නොහැකි වීමයි.
1998 වසරේදී ශී‍්‍රලංකාව දක්වා ගුවන් පියාසැරියන් අත්හිටවූ බි‍්‍රටිෂ් එයාරවේස් ගුවන් සේවය නැවත ශී‍්‍ර ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය.
දැන් නැවත වරක් ශී‍්‍ර ලංකාව අත්හැරීමට ඔවුන් සැරසේ.
බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය ශී‍්‍රලංකාවේ ගුවන්මෙහෙයුම් වලින් ඉවත් වුවද ශී‍්‍රලංකාවේ නිල ගුවන්සේවය වන ශී‍්‍රලංන්කන් දැන් ‘‘වන් වර්ල්ඞ්‘‘ ලෝක ගුවන්සේවා එකමුතුව හා සම්බන්ධව සිටින හෙයින් බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය යුරෝපයට හා ඇමරිකාවට සැපැයූ ගුවන්ගමන් සේවා ඔවුන් නොමැතිව වුවද ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකිය.
ගුවන්ගමන් සදහා ටිකට්පත් වෙන්කරවාගෙන ඇති මගීන්ගේ මුදල් නැවත ඔවුන් වෙත ලබාදෙන බවද බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක් සමග අපි සම්භන්ධ වෙමු (දී)
අපිට පාඩු වෙයි මේ කට්ටිය ආවේ නැහැ කියලා (දී)
අපේ රටේ ගුවන් සේවයට හොද වාසියක් මේක. ගුවන් සේවිකාවන්ගේ ආඩම්බරකමයි, වියදමයි අඩුකරගත්තොත් අපිට හොද තරඟයක් දෙන්න පුළුවන්. (දී)
මට නම් ඔය සේවය ලංකාවට සේවය ආරම්භ කරන කොටම තේරුණා, ඕක වැඩි කල් පවතින්නේ නැහැ කියලා. (දී)
මමත් කීප වතාවක් ගියා ශ්‍රී ලංකා ගුවන් සේවයේ.. ඒ ගොල්ලගෙ සේවයනම් වැඩක් නැහැ . (දී)
ශ්රී ලංකා ගුවන් සේවය දැන්නම් අන්තිමයි . (දී)
කිසිම රටක්, තම ජාතික ගුවන් සේවය යයි කියා, පාඩු පිට දුවනවා නම් එකෙන් වැඩක් නැහැ.වහලා දාන්න තියෙන්නේ.වෙනත් රටවල් වලත් පාඩු ලබන ගුවන් සේවා, වහලා දාපු අවස්ථා බොහෝමයි.ඉදිරියේදී තවත් ගුවන් සේවා වහලා දාන බව, සමහර රටවල ගුවන් සමාගම් දැනටමත් දැනුම් දී හමාරයි.(දී)
චමින්ද අවුරුදු විසි හතරකට කලින් ගියේ බ්‍රිටිෂ් ගිහින් තියෙනවද (දී)
ශ්රී ලන්කන් ගුවන් සේවය හැරෙන්නට වෙන ඕනෙම ගුවන් සේවයක් රස්තියාදු නොවී , සහ ගුවන් සේවක සේවිකාවන්ගේ ලොකුකම නැතුව නිදහසේ යන්නට පුළුවන් කාටත් එකම සේවය , හමේ පාට බාෂාව නොසලකා (දී)
මම නිතර ගුවන් ගමන් යන කෙනෙක්. මම ගිය ගුවන් ගමන් වලදී දැක්ක දෙයක් තමය ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් ඉතාමත් අකාරුණික පිරිසක් බව. හරියට එයාල හිතාගෙන ඉන්නේ එයාලගේ පුද්ගලික ගුවන් යානයක අපි නොමිලේ යනවා කියලා. (නදී)
යාලුවනේ අපි නෙවෙයි නතරකරලා තියෙන්නේ ඒගොල්ලෝ ඉතින් ප්‍රශ්නේ අපේද ඒගොල්ලන්ගේද කියල තව ටිකක් ඉවසල බලන්න (අ)
මේක අනික් ගුවන් සමාගම් වලට වාසියක් , අපේ මිහින් ( හිමින් ) යන සේවය සහ රස්තියාදු කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වාසියක් , කටාර් , එමිරේට්ස් සහ වෙනත් සේවාවන් තිබෙන නිසා න මේ බ්‍රිටිෂ් ගුවන් සේවය නතර කලාට පාඩුවක් නැහැ අපිට (අ)
අපේ ගුවන් සේවය අපිට සලකන්නේ සත්තුන්ට වගේ හම සුදු මිනිස්සුන්ට හොද සැලකිලි ..... (දී)
ඔන්න හසිත මල්ලි, ඉඳලා ඉඳලා මෝඩ ප්‍රශ්නයක් ඇහුවා.බ්‍රිටිෂ් එයාවේස් යන්නේ එංගලන්තයට විතරක් කියලද ඔයා හිතාගෙන හිටියේ? මම බ්‍රිටිෂ් එයාවේස් එකෙන් ගියේ ලංකාවේ සිට ඉන්දියාවට, දඹදිව වන්දනාවේ.ඇති නේද....? (නි)
බොහෝ ගුවන් සේවක සේවිකාවන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ ගුවන් යානාවටත් වඩා ඉහළින් ඉන්නේ කියලයි. (නි)
මම කිහිප වතාවක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගමන්කර තිබෙනවා. සේවය ඉතාම හොඳයි (නි)
ඔය ගුවන් සේවයේ ඉන්න ගුවන් සේවිකාවෝ හරිම ආඩම්බරයි අකාරුනිකයි , මමත් කිහිප සැරයක්ම ගිහිල්ලා තියෙනවා (දී)
අපෝ! ශ්‍රී ලන්කන් එකේ මාත් යන්නේ නැහැ. අපිව ගණන් ගන්නේ නැහැ. (නි)
ගයාන්ගේ යෝජනවානම් පංකාදුයි.බොහොමයක් ගුවන් සේවකයෝ සුදු හමට සැලකීම වැඩ්යි.එකට හේතුවනම් ඔවුන් කරදරයක් නැතිව ගමනේ යෙදෙන නිසා.මේ සුදු අය ඉල්ලන දේවල් අඩුයි.(දී)
මම නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යන එක අත්හැරියේ අවුරුදු 10කට විතර ඉහතදී. හැබැයි ඉතින් අනෙක් ඒවායෙත් වැඩි වෙනසක් නැහැ. (නි)
මගේ පොඩි දුවට උන ගැනිල පොරෝනයක් ඉල්ලුවම ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවක් අකමැති උනා දෙන්න (දී)
නරක ප්‍රතිරූපයක් තමයි ලෝකෙට යන්නේ (දී)
කමක් නෑ බබා, අපිට වන් වර්ල්ඩ් තියෙනවා දැන්(අ)
මම ඒකයි මුහුදට වැටුනත් කමක් නැහැ කියලා මැලේෂියන් එයාර් ලයින් එකේම යන්නේ.අපේ අයගේ ආඩම්බර ඉවසනවට වඩා ඒක හොඳයි (නි)
මගේ පලවෙනි ගුවන් ගමන දැනට අවුරුදු විසි හතරකට ප්‍රථම ගියේ බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයක.ඒ දවස් වලනම් ඒ අය බොහොම කාරුණිකයි.දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ.ඊට පස්සේ නම්, මම ගියේ නැහැ.හැබැයි එදා, ගුවන් සේවක සේවිකාවන් ගෙන් වැඩි හරියක් හිටියේ වයසක අය (දී)
ඒක නම් ඇත්ත ඉන්දු. කඩාවැටෙන්නේ විනාඩි ගණනකදිනේ. මේක පැය ගණනක්. (නි)
දයාලාල් මේ ආඩම්බරකම් පෙන්නන්නේ වෙනරටක ගුවන් සේවයක් නමුත් අපේ ගුවන් සේවයේ කට්ටිය ලංකික අපිට පමණක් කරන කෙනිහිලි ඔබ අත්විද නැතිව ඇති (දී)
මිනිස්සුන්ගේ තියෙන්නේ එක එක ආකල්ප (දී)
අපේ ගුවන් සේවාවේ කට්ටිය ඊට එහා (දී)
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ එකොනොමි ක්ලාස් ටිකට් ගන්නන් වැඩියි, ප්‍රයෝගික නැහැ. ඉතින් මිනිස්සු යන්න කැමතිත් නැහැ.(දී)
ඒගොල්ලන්ගේ ගුවන් සේවයේ යන්න මුළු සේසතම විකුනන්න වේවි.(දී)
මේ ප්‍රථම වරට නොවේ (දී)
එක අතකට එක හොදයි. ලන්ඩන් නුවර ඉදල කෙලින්ම කොළඹ එන්න කැමති අයට අපේ ගුවන් සේවය හරහා විතරක් එන්න පුළුවන්.(දී)
දකුණු ආසියාව තුල ශ්‍රීලංකන් ගුවන් සේවය ඒකාධිකාරයක් හදාගන්න ඕනේ. මේක හොද අවස්ථාවක්.(දී)
මෙතන තියෙන අදහස් දැක්කහම තේරෙන්නේ එකම දෙයයි, අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවිකාවෝ අපේ රටේ මිනිස්සුන්ට ආඩම්බර කම් දානවා කියන දෙයයි. ලංකාදීප පත්තරයේ කාතෘතුමනි, ඔබට පුලුවන්නම් මේ සේරම අදහස් මුද්‍රණය කරලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පුහුණු කිරීම් අංශයට බාර දෙන්න . මොකද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවිකාවන්ට මනෝ වෛද්‍ය උපදේශන අවශ්‍යයයි . මමත් හැමදාම යන්නේ වෙනින් ගුවන් සේවාවල , මොකද එහි වැඩ කරන අයගේ තියෙන නිහතමානී කම සහ සංග්‍රහශීලි ගතිය නිසා. (ස)
ඒක අපිට ලොකු පාඩුවක් (දී)
පාඩු ලබන්න ව්‍යාපාර කරන්නේ නැහැනේ කවුරුවත් (දී)
යළි කියන වචනය තුල මහා අර්ථයක් සැඟවෙලා තියෙනවා (දී)
අපේ රට ප්‍රතික්ෂේප කරලා නේද (දී)
මේක අපි දෙපාරක් හිතන්න ඕන කරුණක් (දී)
වසර 34 කට වඩා මම යුරෝපය සහ ලංකාව අතර ගුවන් ගමන් ගිය කෙනෙකු ලෙස අත්දැකීම් බොහොමයි. ගුවන් ගමන් සදහා ටිකට් ගත් අයට මුදල් ආපසු දීම් කරන්න බැහැ. ඔහුන්ට නැවත එම දිනයටම ටිකට් ගන්න බැරි වෙන්නත් ගෙව්වාට වැඩියෙන් තවත් ලොකු මුදලක් ගෙවන්නත් සිදුවෙන නිසා අසාධාරණයක් වෙනවා. මේ නිසා විය යුත්තේ මෙම මගීන් වෙනත් ගුවන් සමාගම් වලට යොමු කොට එම දිනයේදීම හෝ ආසන්න දිනක මගියාගේ ගමන් පහසුව එම මුදලටම සපයාදීමයි. මේ අපහසු තාවයට පත්වුන මිතුරන් සිටී නම් එම ඉල්ලීම කරන්නට ඔබට නීතියෙන් අයිතිය තියෙනවා. වසර කිහිපයකට පෙර මමත් පවුලේ අයත් කොන්ඩොර් නමැති ජර්මන් ගුවන් සමාගමින් ලංකාවට එන්න ටිකට් ගත්ත. ඔවුන්ද මෙම ගැටලුව නිසාම ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමුවා. නමුත් අපට ලංකාවට එන්නට නියමිත දිනයටම ආසන්නම දිනයකදී ශ්‍රී ලන්කන් ගුවන්සේවයට යොමු කලා. අපට අපහසුතාවයකට පත්වන්නට උනේ නැහැ.මේ පිළිබද සොයා බලා ඔබද ඔබේ අයිතිය ලබා ගන්න. ජය පතමි. (ස)
සෑම දේකම තියෙන්නේ අධික වියදම පමණමයි (දී)
පාඩු පිට දුවනවාට වඩා හොදයි නවතන එක (දී)
මොකද අපේ රටේ ගුවන් සේවයට බනින්නේ (දී)