බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් පැය 48ක  වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරය 
 
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වී ඇත.වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර දහස් සංඛ්‍යාත සංචාරකයින්ගේ කටයුතු වලට බාධා එල්ල වී ඇත.


තම වැටුප් ගැටලු වලට විසදුම් ලබා නොදෙන්නේ නම්, සැප්තැම්බර් මාසයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව  බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංගමය  පසුගිය මාසයේ  රජයට දැනුම් දී  ඇත.


සඳුදා සහ අඟහරුවාදා වැඩ වර්ජන වලින් පසුව, තවත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් සැප්තැම්බර් 27 දිනට සැලසුම් කර ඇති බවද ඔවුහු පවසති.සාකච්ඡා මාර්ගයෙන් වැටුප් විෂමතා ගැටලුව විසදා ගැනීමට සූදානම් බවද වර්ජකයෝ පවසති. 

 
(226

රොයිටර් ඇසුරෙනි)