කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.
විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි.
විලියම් කුමරු මෙසේ කියා ඇත.
‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“
ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි.
බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය.
විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි
හිරන්ත Tuesday, 09 September 2014 10:24 AM
අපිට මොකද කීයක් හම්බ වුනත්. මේ අයගේ පරම්පරාව තමයි අපේ රටත්,ජාතියත්,ආගමත් කෑවේ. මේවා දකිනකොට ඇගේ ලේ කෝප වෙනවා. (නදී)
චම්පික Tuesday, 09 September 2014 12:36 PM
නියමයිනේ! (නි)
නලින් යහම්පත් Tuesday, 09 September 2014 01:24 PM
මොනවයින් අඩුපාඩුවක්ද? මොකද අපිට වගේද? (නි)
ඉසුරන්දි Tuesday, 09 September 2014 01:34 PM
මටත් කොල්ලෝ දෙන්නෙක්ම ලැබුණා මගේ පරම්පරාව ගෙනියන්න.ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. (නි)
ගිම්හානි Wednesday, 10 September 2014 06:02 AM
වාසනාවන් මේ මිනිස්සු මොකද මේ තරම් ඊරිසියා කියල මට නම් තේරෙන්නේ නැහැ(අ)
සුජිත් Tuesday, 09 September 2014 02:35 PM
හිරන්ත හරි. මටත් පෙන්නන්න බැහැ (නි)