මානව හිමිකම් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතන රටවැසියන්ගේ පෞද්ගලික දත්ත එකතු කළ බවට තහවුරු වී ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

එරට ආරක්ෂක ආයතන වල සිදුවන අක්‍රමිකතා විමර්ශන සිදුකරන වීශේෂ අධිකරණයකදී මේ බව හෙළිවිය.  වසර දහයක් තිස්සේ නීතී වීරෝධි ලෙස දත්ත ලබාගෙන ඇති බව එම නඩු විභාගය සිදුකළ වීශේෂ අධිකරණ විනිසුරුවරු තීන්දු කළහ.  මේ පිළිබද පරීක්ෂණ සහ නඩු කටයුතු ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි.

මේ බරපතල වංචාවට එරට ඉහළ නිලධාරීන් මෙන්ම ජේෂ්ඨ දේශපාලනඥයින් ද වැරදිකරුවන් වනු ඇතැයි වාර්තා වේ. එම දත්ත අතර මූල්යන තොරතුරු,සෞඛ්‍ය තොරතුරු, ගමනාගමන තොරතුරු, සන්නිවේදන සහ අන්තර්ජාල තොරතුරු අන්තර්ගත වේ.

 දත්ත රැස්කර තබාගැනීමට හේතුව ජනතාවත් පාර්ලිමේනතුවත් දැනගත යුතු බව සිවිල් සංවිධාන පවසයි.