බදාදා බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්වූ තෙරේසා මේ ඉතාම සරල ජිවිතයක් ගෙවන සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධ චරිතයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක මෙන්ම ඇමති වරියක ලෙසද මෙතෙක් කටයුතු කර ඇති ඇය ඒවෙනුවෙන් අයකර ඇත පෞද්ගලික විහහියදම් ඉතාම අල්ප බවද වාර්තාවී ඇත. අගමැති තනතුර තමාට ලැබෙන බව ස්ථිරවූ පසුව වුවද ඇය ඒ පිළිබඳව එතරම් උද්දාමයට පත්වූ බවක් නොපෙන්වූ අතර සුපුරුදු අකාරයෙන් මෙන්ම සාමාන්‍ය ලෙසින් සිය වැඩකටයුතු කරගෙන ගියාය.

නව රජයක් පිහිටුවීම සඳහා තමන් සුදානම් බව බ්‍රිතාන්‍ය රාජ්‍ය නායක එලිසබත් මහ රැජින වෙත දන්වා සිටීම සඳහා ඇය ගමන්කළේ වාහන තුනකින් සමන්විත සරල රථ පෙළකිනි. ඉන් දෙකක්ම ඉදිරියෙන් සහ පසුපසින් ගමන්කළ ආරක්ෂක වාහන විය. පොලිස් මෝටර් බයිසිකල් කණ්ඩායමක් අවශ්‍ය අන්දමට මාර්ගයේදී ආරක්ෂාව ලබාදුන්හ.

59 හැවිරිදි තෙරේසා මේ ගේ පියා එංගලන්ත සභාවේ දේවගැති වරයෙකුව කටයුතු කළේය. ආගම දහම කෙරෙහි භක්තියක් දක්වන ඇය  කෙතරම් කාර්ය බහුල ජිවිතයක් ගත කලද සෑම ඉරිදා දිනයකම දේව මෙහෙය සඳහා සහභාගිවීම අතපසු නොකරයි. ලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා උපාධිධාරිනියක් වන ඇය බැංකු නිලධාරියෙකු වන ෆිලිප් මේ සමඟ විවාහවී සිටි. ඔවුනට දරුවන් නොමැත. 

තෙරේසා  බ්‍රිතාන්‍යයේ 76 වන අගමැති මෙන්ම දෙවන කාන්තා අගමැතිවරිය වෙයි. ඇයට පෙර මෙම තනතුර හෙබවූ එකම කාන්තාව වුයේ මාර්ගරට් තැචර්ය. "යකඩ ගැහැණිය" නමින් විරුදාවලියක් ලැබූ සුර දේශපාලඥයෙකුවූ තැචර් මැතිණියගේ තැන ගැනීම කාහට උවත්  එතරම් පහසු කරුණක් නොවන බව බොහෝදෙනා කියති.

අගමැති තනතුරට පත්වීමත් සමඟම ඇය නව ඇමතිමන්ඩලය නම් කළාය. මෙහිදී  විදේශ කටයුතු බාර ලේකම් තනතුර සඳහා දේශපාලන ක්ෂේත්‍රයේ මතභේදකාරී චරිතයක් වන බොරිස් ජොන්සන් තෝරාගෙන ඇත. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවට දැඩි ප්‍රචාරයක් ගෙනගිය අතර ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කල පසුව අගමැති තනතුර සඳහා ඉදිරි පත්වූවෙකි.

නව අගමැති ලෙස වැඩ බාරගැනීමෙන් පසු මාධ්‍ය ඇමතු තෙරේසා මේ කියා සිටියේ තමන්ගේ රජය "වරප්‍රසාද භුක්ති විදින සුළු පිරිසක නොව මුළුමහත් ජනතාවගේම සුභ සිද්ධිය සඳහාත් මහා බ්‍රිතාන්‍යයේ අභිවුර්ධිය සඳහාත්" ප්‍රමුකත්වය දෙමින් කටයුතු කරන බවය. 

" බොහෝදෙනා නොදන්නා කරුණක් තමා කොන්සර්වේටිව් පක්ෂයේ සම්පුර්ණ නම " කොන්සර්වේටිව් යුනියනිස්ට් පක්ෂය" බව. මෙනිසා අපරටේ එක්සත්කම තවදුරටත් සුරක්ශාකිරිම මෙන්ම අප රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම" ඉතාම වැදගත් බවද ඇය කීවාය. 

මෙහිදී ඇය ඉඟිකර ඇත්තේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුය යනුවෙන් ජනමත විචාරණයේදී ලබාදුන් තීන්දුවෙන් පසුව ස්කොට්ලන්තය වෙන්වීමේ අවදානමක් ඇති බවට පැතිරීයන කතාබහ සැලකිල්ලට ගෙන වියයුතු බව දේශපාලන විශ්ලේෂකයින් අදහස් දක්වමින් පෙන්වාදී ඇත. ජනමත විචාරණයේදී තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය සමඟ රැඳී සිටිය යුතු බවය.

නව අගමැති වරිය බ්‍රිතාන්‍යයේ වර්තමානයේ දැඩිසේ කතා බහට ලක්වී ඇති විදේශ සන්ක්රමිනකයින් පැමිණීම සිමා කිරීම පිළිබඳව දරන මතය පිළිබඳවද දැඩි විවේචන එල්ලවී ඇත. අගමැති තනතුර බාරගැනීමට පෙරාතුව ඇය පවසා තිබුනේ බ්‍රිතාන්නයේ රැකියා කරන විදේශිකයින් හට ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයින් ගෙන්වීමට අවශ්‍ය වේනම් අවම වශයෙන් වසරකට පවුම් 19,000 ( රුපියල් 360 ලක්ෂයක්} ආදායමක් පෙන්විය යුතු බවය. 

ඩේවිඩ් කැමරන් රජයේ ස්වදේශ කටයුතු ලේකම් වරිය ලෙස තෙරේසා මේ විසින් බ්‍රිතාන්‍යයේ පදිංචි අනවසර සන්ක්රමිනකයින් හට ආපසු ඔවුන්ගේ රටවල් වලට යාම සඳහා මුදල් ගෙවීමේ වැඩ සටහනක් හඳුන්වා දීම එවකට දැඩි දෝෂාරෝපණයට ලක්වූ කරුණක් විය. බ්‍රිතාන්‍යය තුල දැනට ලක්ෂ ගණනක් සන්ක්රමිනකයින් අනවසරයෙන් ජිවත් වනබව කවුරුත් දන්නා රහසක් වුවද තෙරේසා මේ ඉදිරිපත්කල " ආපසු යනවානම් සල්ලි දෙනවා " වැඩපිළිවෙල යටතේ මෙතෙක් පිටුවහල් කිරීමට හැකිවී ඇත්තේ 11 දෙනෙකු වැනි ඉතාම කුඩා පිරිසක් බවද වාර්තාවිය.

මේ අතර බ්‍රිතාන්‍ය දේශපාලන සිතියමේ තවත් වැදගත් වෙනසක පෙරනිමිති පෙනෙන්ට පටන්ගෙන ඇත. ඒඅනුව ළඟදීම බ්‍රිතාන්‍යයේ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සඳහාද කාන්තාවක තේරී පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව පෙනීයයි. වර්තමාන විපක්ෂනායක ජෙරමි කෝර්බින් එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඇන්ජෙලා ඊගල් පත්වීමට ඇති ඉඩකඩ වැඩිවීමත් සමඟම බ්‍රිතාන්‍යයේ සිහසුන, අග්‍රාමාත්‍ය තනතුර සහ විපක්ෂ නායක තනතුර එකම විටෙක කාන්තාවන් විසින් හෙබවිමේ අතිශය දුර්ලභ අවස්ථාවක් උදාවීමට ඉඩප්‍රස්තාව ලැබී ඇත.

3 7 8 9 10 13 14