IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රිතාන්‍ය අගමැතිට යළිත් පිය පදවිය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට දෙවැනි වරටත් පිය පදවිය උරුම විය. ඒ ඔහුගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් දියණියක ප්‍රසූත කිරීමත් සමඟය.

කැරී සිමොන්ඩ්ස්, බොරිස් ජොන්සන්ගේ සිවුවැනි බිරිඳය. 57 හැවිරිදි ජොන්සන් සහ 33 හැවිරිදි සිමොන්ඩ්ස් විවාහ වුයේ මෙම වසරේ මැයි මාසයේදීය. ඊට පෙර දෙදෙනා වසර ගණනක් එකට ජීවත් වූහ.

ජොන්සන් සහ සිමොන්ඩ්ස් ට පුතෙක් සිටී. ඔහු විල්ෆ්‍රඩ් වන අතර, ඔහු උපත ලැබුවේ 2020 අප්‍රේල් මාසයේය. විල්ෆ්‍රඩ් උපත ලැබුවේ බ්‍රිතාන්‍යය 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකද්දීය.

ඒ වනවිට අග්‍රාමාත්‍ය ජොන්සන් ද බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද 'කොවිඩ් 19' ආසාදිතයෝ වූහ. අසාධ්‍ය තත්ත්වයට පත් වුණු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කෙරුණු අතර ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට පවා සිදුවිය. ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් අසාධ්‍ය තත්ත්වයට පත්වූයේ නැත.

මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් එහි ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව තහංචි පැනවීමට අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කර ඇති නමුත් එය දැඩි ජනතා අප්‍රසාදයට හේතුවක් වී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිට යළිත් පිය පදවිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site