IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැතිට ඇස්ට්‍රාසෙනකා එන්නත

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එය ආරක්ෂිත බවත් අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් රටවල් රැසක බියක් හටගත්තේ, එන්නත ලබා ගත් 34 දෙනකු රුධිරය කැටි ගැසීමෙන් මියයෑම නිසාය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මැදිහත් වී නිපදවූ මෙම එන්නත බ්‍රිතාන්‍යය තහනම් නොකළ අතර, එන්නත ආරක්ෂිත බවත් සාර්ථක බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.

56 හැවිරිදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පසුගිය අප්‍රේල් මාසයේ, කොරෝනා ආසාදිතයකු බවට පත් විය. ඒ, බ්‍රිතාන්‍යය පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන් අවස්ථාවේදීය. අග්‍රාමාත්‍ය ජොන්සන් සුවය ලැබුවේ දින දෙකක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් ද පසුවය.   

(රොයිටර්)



අදහස් (1)

බ්‍රිතාන්‍ය අගමැතිට ඇස්ට්‍රාසෙනකා එන්නත

CHANDIMA Friday, 19 March 2021 05:36 PM

ලේබල් මාරුකරලා නැහැ නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site